Wednesday, December 23, 2020

👉 මං වසලයා 👈



ඔයා බබා උනා, 
අසාමාන්‍ය මාරම විදිහට....
ආදරේ නාමයෙන් බොරු ගොඩාක් කීවා...
ගිණිකූරක් පත්තු කරන්න බැරි තරම්
අහිංසකයි කීවා....
හීන මාළිගා, සුරංගනා කතා ගොඩාක් කීවා.....
ඔයා වැරදි නෑ... 
ස්භාවයෙන්ම ඔයාට ලැබෙන,
ස්ත්‍රී බබා පාට් එක ඒක......

මටත් බබා වෙන්න උනා,
ඔයාට දෙවෙනි නොවෙන්නම....
ආදරේ නාමෙන් ඔයාට වඩා බොරු කියන්නම....
ගිණිකූරට බයයි කියනකොට
බොරුවට විශ්වාස කරන තරම්ම....
ඔයා මවන හීන මාළිගාවන්ට
බදාම දෙන තරම්ම.....
ඔයාගේ සුරංගනා කතාවල
වීරයා වෙන තරම්ම....
මම වැරදිත් නෑ...
ස්භාවයෙන්ම කවියෙකුට ලැබෙන,
නිර්මාණශීලිත්වය ඒක.....

ඉතින් බොරු කියලා කියලා,
අය කියන්න බොරු නැති උනාම,
මට බොරු බෝරින්ග් උනාම,
මේක නවත්වමු කීව්වා...
ඉතින්
එදා ඉදලා මම වසලයා....
ඔයාගේ ජීවිතේ දැකපු ජරාම මනුස්සයා....
ඔයා දේවදූතිකාව....
මගේ ජීවිතේ මට වසලයා කීව
එකම එක......

#අකිල


No comments:

Post a Comment