Thursday, December 24, 2020

👉 මට හිතෙනවා ජීවත් වෙලා බලන්න 👈



මට හිතෙනවා 
බේබද්දෙක් වෙන්න...
අරක්කු වලින්ම ජීවත් වෙන්න,
බීලා බීලා කාළකණ්නි වෙලා,
මැරෙන්න වැටිලත්, මත් වෙලා ඉන්න...
එතකොට මං ගැන ආදරෙන්,
හොයන උන් බලා ගන්න...

හැමෝම බේබද්ද කියනකොටත්,
එහෙම නොකියන්නේ,
කව්ද කියලා බලන්න.....
බේබද්දෙක් උනත් මාව,
ජීවත් කරන්න හදන උන් බලාගන්න.....
මාව ජීවත් කරවන්න 
මහන්සි වෙනවා බලන්න...

මට හිතෙනවා 
පිස්සෙක් වෙන්න...
ආදරේ ගැනම කියවන්න..
කියමින් පාරක් ගානේ ඇවිදින්න...
පිස්සු නෑ වගේ ඉන්න පිස්සො,
මට ගරහනවා බලන්න...

දකින හැමෝටම මාව,
පිස්සෙක් වගේ පෙන්වන්න....
එතකොට මට පිස්සා නොකියන්නේ කව්ද කියලා බලන්න....
පිස්සෙක් උනත් මාව,
ජීවත් කරන්න හදන උන් බලාගන්න.....
මාව ජීවත් කරවන්න 
මහන්සි වෙනවා බලන්න...

මට හිතෙනවා 
හිඟන්නෙක් වෙන්න....
හැමදේම විකුණලා විනාෂ කරන්න...
ඒ සල්ලි වලින්, සල්ලාලයෙක් වෙන්න..
ගණිකා මඩම්වල වියදම් කරන්න...
හැම දේම නැති කරගෙන,
පාරක් ගානේ හිඟා කන්න.....
හැම එකාගෙන්ම හිඟමන් යදින්න....

හැමෝම හිඟන්නා කියලා,
පිළිකුල් කරනකොට,
එහෙම පිළිකුල් නොකරන්නේ,
කව්ද කියලා බලන්න....
හිඟන්නෙක් උනත් මාව,
ජීවත් කරන්න හදන උන් බලාගන්න.....
මාව ජීවත් කරවන්න 
මහන්සි වෙනවා බලන්න...

මට හිතෙනවා 
ජීවත් වෙන්න...
ජීවත් වෙලා බලන්න.....
බේබද්දෙක් වෙලා කාළකණ්නි උනත්,
බේබද්දෙක් නොකියන,
පිස්සෙක් වෙලා පිස්සු කෙලියත්,
පිස්සෙක් නොකියන,
හිඟන්නෙක් වෙලා හිඟා කෑවත්,
හිඟන්නෙක් නොකියන,
බේබද්දෙක් පිස්සෙක් හිඟන්නෙක් උනත්,
ජීවත් කරවන්න හදන,
මාව ජීවත් කරවන්න 
මහන්සි වෙන,

අම්ම වෙනුවෙන්
ජීවත් වෙලා බලන්න.......

#අකිල

No comments:

Post a Comment