Saturday, December 26, 2020

👉 මල් කුමාරියක් හොඳයි බෝනික්කියකට වඩා 👈



බෝනික්කියක් හොඳයි 
සෙල්ලම් කරන්න,
උඩ දාලා අල්ලන්න, 
ලඟ තියාගෙන නිදා ගන්න, 
මල් කුමාරියක් හොඳයි 
කසාද බදින්න....

මෙලෝ දෙයක් තනියම කර ගන්න බැරි,
සියුමැළිම සියුමැළි,
මෙලෙක් බෝනික්කිට වඩා,
තනියම හැම දෙයක්ම කර ගන්න,
ගොරෝසු, රළු උන,
මල් කුමාරියක් හොඳයි කසාද බදින්න....

තේ එකක් සම්බෝලයක් හදා ගන්න නොදන්න,
රෙසෙපි බලාගෙනවත් හදා ගන්න බැරි,
බෝනික්කියකට වඩා,
ගෙදර හැමෝටම තනියම කන්න උයලා දෙන, 
තනියම උයාගෙන බත් එක බැදගෙන එන, 
මල් කුමාරියක් හොදයි කසාද බදින්න....

බස් එකක තනියම යන්න එන්න බැරි,
මිනිස්සු එක්ක කතා කර ගන්න බැරි,
අම්ම, තාත්තා, පව්ලේ මොකෙක් හරි 
හැම තිස්සෙම පස්සෙන්  ඉදලා රකින,
බෝනික්කිට වඩා,
අපායේ ඉදලා දිව්‍යලෝකයට උනත් තනියම යන එන,
යම රජ්ජුරුවෝ එක්ක උනත් සක්‍රයා එක්ක උනත්, 
කතා බහ කරන, වලි දා ගන්න, බැන ගන්න, යාළු වෙන,
මල් කුමාරියක් හොදයි කසාද බදින්න.....

හැමෝම එක්ක හුරතල් වෙන,
පණ්ඩිතකම පුරවගෙන බොරු කියන,
කුණු මඩ නොගෑවෙන්න ඉන්න, 
හැමෝගෙන්ම උදව් ගන්න,
කාටවත් උදව් නොකර ශේප් වෙන,
බෝනික්කිට වඩා....
සෙට් එකේ චන්ඩියා, කටකාරි උන,
කුණු ගොඩේ මඩ ගොඩේ උනත්
වැඩේ කරලා ඉවරයක් කරන,
හැමෝගෙම වැඩට උදව් කරන,
මල් කුමාරියක් හොදයි කසාද බදින්න.....

අම්ම උනත් කැමති වෙයි, 
ඕඩර් දෙන, රැජිණක් උන,
අර වගේ බෝනික්කියකට වඩා,
වැඩ කරන, සේවිකාව උන,
මල් කුමාරියක් ලේලි වෙනවට.........💜

#අකිල
#එරන්දියේ

එරන්දියේ පටන් ගත්තේ මේකෙන්.... 

No comments:

Post a Comment