Saturday, December 26, 2020

👉 සියළුම මනුෂ්‍යය ප්‍රජාව මරණය වෙත යමුද 👈


මට මේ දැනෙන මානසික හැඟීම විශාදයද ආතතියද පීඩනයද කියා ගොනු කිරීමට මා දන්නේ නැත. නමුත් මා අවස්ථාවේ කිසිම වේදනාවකින් හෝ පරාජයකින් හෝ කරදරයකින් පසු නොවන බවනම් මට පැහැදිලි ම විශ්වාසය...

      ජීවිතය දෙස ඍණාත්මයෙන් බැලීමක් ලෙස කෙනෙකුට විග්‍රහ කළ හැක. තවත් කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වී යැයි විග්‍රහ කළ හැක. එක එක අයට පෙනෙන දැනෙන මට්ටම් අනුව විග්‍රහ කළ හැකි උනත් කුමක්ද සැබෑම සත්‍යය කියා මේ ලියන මටවත් මේ ලොව ජීවත් වෙන බුද්ධිමත්ම පුද්ගලයාටවත් නිවැරැදි වම කිව හැකිදැයි මට සැකයක් ඇත. හැමෝම බලන්නේ දකින්නේ තමන්ගේ ඇස් වලින් නිසා අනෙකාගේ ඇස් වල තියෙන ඡායාවන් මොනවාදැයි කීම අපහසු විය යුතුමය...

            දැනට දින කීපයක සිට මේ ගැන මට සිතුනි. එනම් මා ජීවත් වූවා ඇති බවය. මගේ මරණය සිදු වී ජීවිතය අවසන් වෙනවනම් මා කැමතිය. ජීවිත කාලය කෙටි බවත් ඒ නිසා බොහෝ දේ කළ යුතු බවත් මම කුඩා අවදියේ සිටම බොහෝ අය කියනවා මා දැක ඇත. මැරෙන්න කලින් කළ යුතු යැයි ඔවුන් විසින් සකසා ගත් ඔවුන් සිතනා පරිදි ජීවිතයේ උපරිම තෘප්තිය ලැබීමේ ක්‍රියාවලි රැසක් ද ඔවුන් සතුව ලැයිස්තුගත කර ඇත. මමත් එවැනි අයගෙන් එහෙන් මෙහෙන් අහුලා ගත් මැරෙන්න කලින් කළ යුතු කාර්යන් කීපයක් සිහි තබාගෙන සිටියෙමි. නමුත් මේ මොහොතේ මට සිතෙන්නේ මොන තරම් තෘප්තිය ලැබෙන වින්දනීය ක්‍රියාවන් කළත් අවසානයේ මා මැරෙන බවය. මා ලබන තෘප්තිය හෝ වින්දනය මගේ මතකයේ පවතින්නේද නැති විය හැක. පැවතුනත් එයින් ප්‍රයෝජනයක් ඇති වේ යැයි සිතිය නොහැකිය. 

          උදාහරණයක් ලෙස, මැරෙන්න කලින් මා චොකලට් රස බැලීමට සිතා සිටියේනම්, මම අද දිනයේ ලබන චොකලට් රසෙන් හෝ ඒ වින්දනයෙන් මගේ මරණය නැවත්විය හැකිද ? නැතිනම් ඒ චොකලට් රස බැලීමේ ආශාව ලෝකයෙන් තුරන් වේවිද ? ඒ වගේම එම වින්දනය නිසා මගේ මරණය නැවැතීම සිදු උනත්, එයින් ලැබෙන යහපත කුමක්ද ? මා නොමැරී සිට චොකලට් කන එකද ?

සරලවම මට දැනෙන පරිදි, මා ජීවත් වූ කාලය පුරා ජීවිතයේ විදපු විදීම්, දැනීම්, මට ඇති වී ඇත. මා හට නැවත නැවත තාවකාලික තෘප්තිමත් භාවයන් ලැබීමට අවශ්‍ය නැත. කොතරම් ලබා ගත්තත් මේ තෘප්තිය ලැබීමේ ආශාව නිම වෙන්නෙත් නැත...

              අද දිනයේ මට නුවර සිට ගැටඹේ දක්වා කිලෝමීටර් 4.5ක් පයින් ඇවිද යාමට සිදු විය. ඒ යන අතර වාරයේදි මට සිතුනෙම, වේගෙන් එන වාහනයකට පැනීමෙන් මගේ මරණය ඉක්මන් කර ගැනීමටය. නමුත් නැවත මා සිතනුයේ ඒ වාහනය පදවාගෙන එන පුද්ගලයාට මුහුණ දීමට සිදුවන කරදරය ගැනය. ජීවිතේ අනිත්‍ය ගැනවත් ජීවිතේ ස්භාවය ගැනවත් නොදැන මත් වී ඉන්න ඔහුගේ ආතල් බිදීමට මට අවශ්‍ය නොවීය. නමුත් යන විටත් එන විටත් මා සිතුවේම මගේ මරණය ඉක්මන් කර ගන්නා ක්‍රමයක් ගැනය. මගේ මනසට ආ සියළුම ක්‍රම වලින් තව අයෙකුගේ ආතල් බිදෙනු ඇත. ඒකට මම කැමති නැත. සමහරවිට මගේ දුර්වලතාවයක් නිසා අපි සතුටින් කියන ආතල් මත් ගතිය, මට නැති වී ඇත. නමුත් තව අයෙකුගේ මත් ගතිය නැති කිරීමට මට අයිතියක් නැත.

          මොහොතක් ඒ ගැන කල්පනා කරන විට මට සිතුනේ, මා පමණක් නොව සියළුම මනුෂ්‍යයන් ජීවත් වූ ජීවීතය ඇති බවය. එනම් තව මාස කීපයකින් මැරෙන්න වගේ ඉන්න මගේ අත්තම්මාත්, ළඟදි ඉපදුන ඒ අත්තම්මාගේම මිණිබිරියකගේ අවුරුද්දක් පමණ ළමයත් ඇතුළුව සියළුම මනුශ්‍යන් මරණය වැළද ගත යුතුය. ජීවිතයේ පරම සතුට ලැබීමටනම් සියළුම මනුශ්‍යන් අත්වැල් බැදගෙන මරණය දක්වා ගමන් කළ යුතුය.... එයට මගේ සහෝදරයන් සේම මගේ දෙමාපියන්ද මගේ යහළුවන්ද ආදී සියළුම මනුශ්‍යන් එකතු විය යුතුයි. සියළුම මිනිසුන් මරණය වෙත ඇවිද යා යුතුයි. මට දැනෙන විදිහට එමඟින් සියළුම ගැටළු හා වේදනාවන්ට පිළිතුරු ලැබෙනු ඇත.

        කුඩා කල සිටම ඉතා විශාල ප්‍රමාණයක් මනෝවිද්‍යා පොත් කියවා මනෝ විද්‍යාව හා ධනාත්මක චින්තය හා අභ්‍රිප්‍රේරණය සඳහා යොදා ගන්නා කාරණා වලින් මට දැන් සැනසිය නොහැක... එබැවින් මනස පත්තරේ පමණක් කියවා ලෝක ස්භාවය පත්‍යක්ෂ කරගෙන සිටින්නන් වැනි අයගෙන් මට බෙහෙත් ගැනීමටත් නොහැක.. ඒ බෙහෙත් මට දැන් ඔරොත්තු දෙන්නේ නැත. එවැනි බෙහෙත් මට දැනෙන්නේ කුඩාකල ආහාර කැවීමට වැඩිහිටියන් ගන්නා බොළද උත්සහයන් ලෙසට ය... 

           මට ඇත්තටම පැහැදිලි නැත, මා ඉක්මනින් ම මනෝවෛද්‍යවරයෙකුට යොමු විය යුතුද යන්න... එසේ මා යොමු වෙන මනෝවෛද්‍යවරයාට මේ ගැන නොතේරෙන්නේ ඇයි එතකොට ? 

#අකිල

No comments:

Post a Comment