Thursday, December 24, 2020

👉 අවුට් ඔෆ් ෆැෂන් 👈



බකමූණේ කොහෙද ඇඳුම් තියෙන්නේ, බකමූණේ තියෙන්නේ අවුට් ඔෆ් ෆැෂන් නේ....

     ආන්න ඔහොම කීවෙ කුරුණෑගල කෙල්ලෙක්. 
 සමහරවිට ඇත්ත වෙන්න ඇති. මට ඒ ගැන දැනුමක් නෑ.. මම හෙන ගොඩයා නිසා වෙන්න ඇති ඒ... බකමූණේ ඇඳුම් ගන්න තියෙන්නේ ඉතින් මටනම් සති පොල තමයි... ඒකට එන්නෙ අවුට් ඔෆ් ෆැෂන් ද කියලා කියන්න තරම් දැනුමක් මට නෑනෙ... ඒ ගැන තමා ඒ කෙල්ල කියන්න ඇත්තේ....

      ඒත් ඒ උනාට මම පට්ට ආසයි ඒ අවුට් ඔෆ් ෆැෂන් එකට... ඒ කියන්නේ පොලෙන් රෙදි ගන්න... ඉහළ පෙලේ සුපිරි ජීවිත ගත කරන අයගෙයි, එහෙම ජීවිත ගත කරනවා කියලා පෙන්වන්න හදන වෙන්ට පොෂ් අයගෙයි වචන වලින් කියනවනම් ඒක "ඊයා හලෝ, චීප් නෙහ්..  පට්ට ඩොටේ" වැඩක් වෙන්න ඇති....  ඒත් මටනම් ඒක වෙනම ආතල් එකක්.

අම්මයි තාත්තායි එක්ක විහිළු කර කර ඇදුම් තෝරන එකට, 

එයාලා එක්ක සතුටින් හිනා වෙවි ඇවිදින එකට, 
තාත්තා එක්ක එකතු වෙලා වෙළෙන්දුන්ට විහිළු කරන එකට,

අදුරන අයට විහිළු කරන එකට,

අම්ම එක්ක එකතු වෙලා මල් පැල තෝරන එකට,
තාත්තා එක්ක එකතු වෙලා ෆිල්ම් ඩීවීඩි තෝරන එකට,

පොලේ තියෙන සරුවත් විකුණන තැනින් සරුවත් බොන එකට, 

අම්මට ඇඳුම් තෝරනකොට තාත්තා එක්ක වාද කරන එකට, 

තාත්තට ඇඳුම් තෝරනකොට අම්ම එක්ක වාද කරන එකට,

මම මාරම ආසයි.....

    සමහර වෙලාවට අම්මට ඇදුමක් තෝරනකොට ඒකට මම කැමති නැති වෙනකොට,
      "යකෝ මගේ ගෑණිට මම කැමති එක අරන් දෙන්නෙ! උඹ ගෑණියෙක් ගත්තු දවසට උඹ කැමති ඇදුම් අරන් දීපන්" කියලා තාත්තා විහිළුවට කියනකොට,  
        තාත්තා ගේ ගෑණි උනාට මගේ අම්මනේ! ඒ නිසා වැඩි අයිතිය මගේ කියලා මගේ හිත කැමති ඇඳුමම අරන් දෙන්න ලැබෙන එකට, ඒ ඇදුම වර්ණනා කරලා ඒ දෙන්නා එක්කම හිනා වෙන්න සතුටු වෙන්න ලැබෙන එකට මම ආසයි... 
 
ඒ වගේම තාත්තට ඇඳුම් ගන්නකොට, ඒකෙ ඇඳ කියන්න ඒ ගැන කියලා විහිළු කරන්න, නැත්නම් ආන්න කොල්ල වගේ ඉන්නවා කියලා කියන්න, ඔය පාට හරියන්නේ නෑ කියන්න, අම්ම එක්ක එකතු වෙලා ඒ ගැන විහිළු කරන්න ලැබෙන එකට මම ආසයි....

    අම්ම තාත්තා දෙන්නගෙම ඇඳුම් මගේ කැමත්තට, මම කැමති පාටට ගන්න ලැබෙන එකට, ඒ ඇදුම් බෑග් එකට දාගෙන උස්සගෙන එන එකට, ඒ ඇදුම් ගෙදර ඇවිත් ඇදලා බලලා, ඒ ඇදුම් නහයට ලං කරලා නැවුම් සුවඳ බලලා, ඇදලා එකිනෙකාට ෆැෂන් ශෝ පෙන්නලා සතුටු වෙන එකට මම ආසයි....

      මම මේ වෙනකම් ඇඳුම් ගත්තේ එහෙමයි. ඒත් මේ වෙනකම් කවුරුත් මට කියලා නෑ 
"අකිල ඔයාගේ ඇදුම අවුට් ඔෆ් ෆැෂන්" කියලා.....
"ඕක ගලවලා දාන්න! ඕක ඇඳගෙන පාරේ යන්න එපා," කියලා..... 
"ඕක ඇදගෙන මා එක්ක ඉන්න එපා! මට ලැජ්ජයි" කියලා,.... 
"අකිල ඔය අවුට් ඔෆ් ෆැෂන් නිසා උඹ කාළකන්නියෙක් වගේ" කියලා.....

ඒ වගේම මම දැකලා නෑ කිසි කෙනෙක් මගෙ පොටෝ ගන්නවා මම අවුට් ඔෆ් ෆැෂන් අදින කෙනෙක් කියලා..... 
කිසි කෙනෙක් හැරි හැරි බලනවා වත්....

      එහෙම කරත් මට වැඩකුත් නෑ.... මොකද මම ඇදුම් ගන්නේ පට්ටම ආඩම්බරයෙන් සතුටින් පිරිලා, ඒ කෙල්ල කීව විදිහට අවුට් ඔෆ් ෆැෂන් වලින් ගත්තත් කවදාවත් ම ඒ ඇඳුම් පරණ වෙන්නෙවත් ඒ ඇදුම් මට එපා වෙන්නෙවත් නෑ......

No comments:

Post a Comment