Wednesday, December 23, 2020

👉 ලිප ගාව සනීපය 👈



ලිප ගාව සනීපය,
ඇරයුම් කරනවා මට
පොල් කට්ටට ඇවිලෙන
බුර බුරා හඩ එක්ක
තව ටිකක් වෙලා 
ඉදගෙන ඉදලා යන්න
මේ පාන්දර තියෙන
සීතල මැකිලා යන්න....

දළුලන ගින්දර
වෙලා ගන්නවා මාව
සීතල කරන පීඩනයට
විරුද්ධව සටන් කරගෙන
තව තවත් මා 
කම්මැලි කරගෙනම.....

අකිල

No comments:

Post a Comment