Thursday, December 24, 2020

👉 මල් වඩමක් වූ කල 👈



දේවිය....
ඔබ වෙනුවෙන් මා
වැස්සක් වූ කළ,
සීතල බව කියමින් මට දොස් නගයි...
ඔබ වෙනුවෙන් මා
අව්වක් වූ කළ,
රස්නේ බව කියමින් මට දොස් නගයි...
ඔබ වෙනුවෙන් මා
මලක් වූ කළ,
මා පරවෙන බව කියමින් 
මට විහිළු කරයි....

අවසානයේ,
ඔබ වෙනුවෙන් මා
මල් වඩමක් වූ කළ,
මගේ ආදරය ඔබට වැටහෙයි...
නමුත් එවිට ඔබ,
පමා වැඩි බව දැනගනී.....

මන්ද එදිනට,
ඔබ,
මළ මිනියකි.....!!!

#අකිල
#විශාකා දේවිය

No comments:

Post a Comment