ලියන්න
හතුරෙකුට,
දිග ලියුමක් ලියන්න...
පරණ පෙම්වතියට උනත්,
පරණ පෙම්වතාට උනත්...
තරහක් වේදනාවක් තියෙන,
ඕනීම කෙනෙකුට
දිගම දිග ලියුමක්....
හිතේ තියෙන හැම දෙයක්ම,
වේදනාවන්, කදුළු සේරම,
ලියුම පුරා පුරවා,
කැඩුනු හදවත,
නිදහස් වෙනකම්ම..........!!!
අරන් තියන්න ඒ ලියුම
තැපල් කරන්නේ නැතුව,
ටික කාලෙකින්,
කියවලා බලන්න....
#අකිල
No comments:
Post a Comment