Saturday, December 26, 2020

👉 අවුරුදු 21ක ජීවිත කාලේ ඇතුලත මට තේරුණ දේ හා බුදුන් එක්ක එකඟ වෙන හොඳම කාරණය 👈


අවුරුදු 21ක ජීවිත කාලේ ඇතුලත මට තේරුණ දෙයක් තියෙනවා. ඒ.....

මගේ සමීපතමයන් වෙනුවෙන් මට කරන්න පුළුවන් හොඳම දේ ඔවුන්ට නිදහස දීමයි... ඇත්තෙන්ම ඔවුන්ව නිදහස් කිරීමයි....
මගේ බැදීම් වලින්, මගේ තියෙන සම්බන්ධකම් වලින් නිදහස් කිරීමයි. මං වෙනුවෙන් කිසිම සෙනෙහසක් ඔවුන් තුල ඇති නොවීමට තරම් ඔවුන්ව ඔවුන්ගේ බැදීම්, වගකීම්, යුතුකම්, හැගීම්, වලින් නිදහස් කළ යුතුයි....

දෙමාපියන්, සහෝදරයන්, නෑදෑයන්, මිත්‍රයන්, ආදී සියළුම බැදීම් වලින් අනෙකාව නිදහස් කළ යුතුයි. මං ගැන ආඩම්බර වීමට හෝ ලැජ්ජා වීමට හෝ කිසිදු හේතුවක් නැති වෙන තරමට නිදහස් කළ යුතුයි.. මං ගැන සොයා බැලීමට හෝ මං ගැන සිතීමටවත් ඔවුන්ට කිසිම හේතුවක් නැති තරමට ඔවුන්ව නිදහස් කළ යුතුයි. 

සෑම විටකම මගෙ සමීපතමයන් කුමන හෝ හේතුවකට මං වෙනුවෙන් දුක් වෙනවනම්, සතුටු වෙනවනම්, මං වෙනුවෙන් කාලය වැය කරනවනම්, ඇත්තටම මම නිදහස් මිනිහෙක් වෙන්නෙ කොහොමද.... 

මං වෙනුවෙන් කෙනෙක් බලාගෙන ඉන්නවනම්, මං වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවනම්, මං වෙනුවෙන් ඔවුන් මවා ගත්තු ප්‍රතිරූපයක් ගැන විශ්වාස කරනවනම්, නිතරම මං ගැන සැලකිලිමත් වෙනවනම්, මං නිදහසේ ජීවත් වෙන්නෙ කොහොමද ?

නිතරම හොයලා බලන යාළුවෙක්,(යාළුවෝ), දෙමාපියන්, පෙම්වතියක්, බිරිදක්, දරුවෙක්,(දරුවෝ) අපිට ඉන්නවනම් ඔවුන්ට අවශ්‍ය විදිහට අපේ හැසිරීම් වෙනස් වෙනවා නේද.... ඔවුන් අපි වෙනුවෙන් දක්වන සැළකිලිමත් බවට අපි ප්‍රති සැළකිලි දක්වන්න පෙළඹෙනවා නේද..... 
ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන දේ අපිට දෙන්න බැරි වෙන අවස්ථා වලදි ඔවුන් දුක් වෙනකොට ඒ හා සමාන දුකක් අපිටත් දැනෙනවා නේද... ඔවුන්ට දැනෙන සතුට, ආදරය, කරුණාව, වගේ හැඟීම් වල ඉදල දුක, වෛරය, ක්‍රෝධය, ඉරිසියාව වගේ හැඟීම් දක්වාම ඔවුන්ගේ හැඟීම් අපිත් සමඟ එකතු වෙනවා නේද...  ඉතින් එතකොට අපි නිදහස් මිනිස්සුද...,? සරල මිනිස්සුද.....?  නෑ අපි හැගීම් වල හිර උන වහල් මිනිස්සු වෙනවා.....

මා නිසා මගේ සමීපතමයන්ට දුකක්, සතුටක්, බලාපොරොත්තුවක්, ආඩම්බරයක්, හෝ කිසිම හැඟීමක් ඇති නොවී තිබෙනවනම් මම හිතන්නේ ඇත්තටම මට ජීවිතේ සැබෑම සතුට ලැබේවි.... නිරාමිස සතුට ලැබෙන්නෙ එතනදී.......

බෞද්ධයෙක් විදිහට ඉපදිලා බෞද්ධාගමෙන් අයින් උනත් මම බුදුන් සමඟ එකඟ වෙන හොඳම කාරණය මේක... අත් හැරීම... 
සැබැවින් ම අනෙකා වෙනුවෙන් කළ යුතු හොඳම කැපකිරීම වෙන්නේ අත් හැරීම...  අනෙකා වෙනුවෙන් කළ හැකි, දිය හැකි, වටිනාම දේ වෙන්නේ මේ අත හැර දැමීමයි....

මේක ලේසි නෑ... ඒකයි ඇත්තටම ජීවිතේ සැබෑ සතුට මිනිස්සුන්ගෙන් ගොඩාක් දුර...

"ඔයාගෙ සතුට මං ගාව නැත්තං ඔයාට යන්න පුළුවන්...! මට දැනෙන විදියට ඒක මං ගාව නෑ....!"

 කියලා අනෙකට යන්න දෙන්න පුළුවන්නම් වගේම
 
"මට ඕනි සතුට ඔයා ගාව නෑ...! මට යන්න දෙන්න...!" 

කියලා යන්න පුළුවන්නම්, ඒ ඉල්ලීම් දෙකේදීම කිසිම පසු තැවිල්ලක් නැතුව සදහටම අත අරින්න පුළුවන්නම් ආන්න එදාට ජීවිතේ නියම සතුට දකින්න පුළුවන් වේවි.....

මට මගේ සමීපතමයන් වෙනුවෙන් කළ හැකි වටිනාම දේ ඔවුන්ව නිදහස් කිරීම සේම,

මගේ සමීපතමයන්ට මා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම වටිනාම දේ, මාව නිදහස් කිරීමයි. මට නිදහස දීමයි. ඇත්තෙන්ම සියළු බැදීම් වලින් මාව සදහටම අත හැරීමයි........
අසීමාන්තිකව තදින් අල්ලගෙන ඉන්න ඔය අත් වලින්, ගලව ගන්න බැරි මේ බැමි වලින්, මාව නිදහස් කිරීමයි......

මා වෙනුවෙන්, මගේ සතුට සැනසීම වෙනුවෙන් විතරක් නෙවේ... ඔබේ සමීපතමයන්ගේ වගේම ඔබේ සතුට වෙනුවෙනුත් ඔබට කළ හැකි වටිනාම දේ සදහටම අත හැරීමයි........❤ එයට හුරු වීමයි....❤ 

#අකිල

No comments:

Post a Comment