Saturday, December 26, 2020

👉 තාරුණ්‍යය හා දේශපාලනය 👈


මම ඉතාම ලැජ්ජාවෙන් හා පිළිකුලෙන් යුතුව මෙසේ ලියමි.

මම හිතාගෙන හිටියේ වයසක සෙට් එක නැති වෙලා තරුණයන් විතරක් ඉතුරු උනොත් මේ රට දියුණු වේවි කියලයි. ඒ වගේම රජයේ ආයතවලින් පවා තරුණයන් පමණක් සිටීමෙන් කාර්යක්ෂමතාව වැඩි වේවි කියලයි. මම එහෙම හිතන්න පෙලඹෙන්නෙම පව්ල් දේශපාලනය කරන, පරම්පරාවෙන් ආපු දේශපාලනික මතය රැකගෙන කැපුවත් කොළ කැපුවත් නිල් කියාගෙන ඒ දේ ඉස්සරහට ගෙනියන අපේ තාත්තලගේ පරම්පරාව දැකලයි. 

               තමන්ට පරම්පරාවෙන් ලැබුණ, පවුලේ දේශපාලනික මතය වෙනුවෙන් මැරෙන්නත්, මරන්නත් සූදානම් මෝඩයින් තමන්ගේ දේශපාලනික පක්‍ෂයේ කිසිම වරදක් නොදකින එක, 
               තම දේශපාලනික පක්ෂය කරන හැම වැරදි ක්‍රියාවක්ම සාධාරණීකරණය කරන්න පුරුදු වෙලා ඉන්න එක, 
               අනිත් මත දරණ පක්ෂයක කෙනෙක් යහපත් ක්‍රියාවක් කලත් එහි වැරදිම හොයන්න, අයහපතක්ම දකින්න පුරුදු වෙලා ඉන්න එක, 
               වෙනස් මත දරණ පක්ෂවල වර්තමාන නියෝජිතයින්ට කොච්චර සුදුසුකම් තිබුනත්, කොච්චර යහපත් උනත් ඒ අය ඉපදෙන්නත් කලින් ඉතිහාසයේ ඒ පක්ෂවලින් කරපු වැරදි වර්තමානයෙත් නැවත නැවත විවේචනය කරන එක, ඇත්තටම මට පිළිකුල්....  

එවැනි මෝඩයින් පිරිසකට සර්වජන ඡන්ද බලය ලැබීම කොච්චර වරදක් ද කියලයි මම නිතරම හිතුවේ.... මගේ තාත්තාගේ පරම්පරාවේ සියළුම මෝඩයින් එසේ හැසිරෙනකොට මට හිතුනෙම, මේ මෝඩ වයසක පරම්පරාව නැති වෙනකම් මේ රට හදන්න බෑ කියලයි.....

          මම හිතුවා වැරදියි....!

මේ රට කොහොමත් හදන්න බෑ.. මේකෙන් යන්න උත්සහ කරන එකයි හොඳම දේ...

        මම හිතාගෙන හිටියේ දෙමාපියන් කරපු වරද තරුණයින් නොකරාවි කියලා. ඔවුන් හරි දේ හරි විදිහට වගේම වැරදි දේ වැරදී විදිහට දකීවි කියලයි මට හිතුනේ.... මම වැරදි. පරම්පරා ගානක් තිස්සේ, ශ්‍රී ලාංකික දේශපාලනික ඉතිහාසයේ ඡන්ද දායකයන් අතින් වෙලා තියෙන්නේ එකම දේ. පරම්පරාවෙන් ‍රැකගෙන ආපු මතය තමන්ගේ ළමයින්ටත් එන්නත් කරලා... උන් උන්ගේ ළමයින්ටත්... ඒ ළමයි උන්ගේ ළමයින්ටත්.... ඉදිරියටත් එහෙම වේවි.... ඒ එන්නත මටත් විද්දා. ඒත් ඒක මට ඇලජික් උනා. ඉතින් ඒ නිසාම බොහෝ දෙනෙකුට මාව පිස්සෙක් වගේ පේන්න පුළුවන්. සමහරවිට ඔබටත් විදලා ඇති. සමහරවිට ඇලජික් වෙලා ඇති...

            මම ඇත්තටම කැමති ඒ එන්නත ඇලජික් වෙලා තරුණයින් පිස්සො වෙනවට. සැමීගේ කතාවේ සැමී වගේ වෙනවට.......

         මම දන්න මගේ මිතුරෝ මම දකිනවා ප්‍රධාන පක්ෂ දෙකෙන්ම. යූ.එන්.පී. මෝඩයෝ රොත්තක් වගේම මහින්දවාදි මෝඩයෝ රොත්තක්ම. උන් වට්ස්ඇප් එකේ ෆේස්බුක් එකේ ස්ටේට්ස් දානවා අනෙකගේ වැරදි වගේම තමන්ගේ එකාගේ හොඳ. තමන්ගේ එකා කරන කිසි වරදක් උන්ට නොපෙනෙන එක වගේම අනිත් පැත්තේ එකා කරන කිසි හොඳක් උන්ට නොපෙනෙන එක ඇත්තටම කණගාටුවට කරුණක්. මම උන් දෙගොල්ලගෙන්ම සමහර කාරණා ගැන අහලා බලනවා. තර්ක කරනවා. ඇත්තටම මට කණගාටුයි. මම දන්න අදුරන තරුණ පරම්පරාව එක්ක මේ රටට හොඳක් කරන එක ගමරාළ දිව්‍යලෝකයේ ගියා වගේ වැඩක් විතරයි.... (සමහරවිට මගෙත් එක්ක තරහා වේවි බොහෝ අය. ඒ උනාට තරහා වේවි කියන බයෙන් හිතේ තියෙන දේවල් නොකියා ඉන්න පුරුද්දක් මට නෑ)

        තරුණයින් කඩේ යන්නේ රට වෙනුවෙන්, තරුණයෝ ගන්නේ හරි තීරණ, නිල් බළකාය, තාරුණ්‍යයට හෙටක්, තාරුණ්‍යයේ පරිවර්තනය, වගේ තරුණයින් කියාගෙන තරුණයින් අල්ලගෙන කරන විගඩම් දකිනකොට මට හිතෙන්නෙම, කියවෙන්නම,

     "පක තමයි... පක තමයි.... පක තමයි....."
කියලා විතරයි. ඔය තාරුණ්‍යය පාවිච්චි කරලා තියෙන එක කැම්පේන් එක්ක හරි ඉන්නවද පරම්පරාවෙන් ලැබුන පක්ෂේ ප්‍රතික්ෂේප කරපු එකෙක්... නෑ.. ඌ ගෙදර මහඋන් කරපු, ගියපු පාරෙම යන තව එකෙක් විතරයි.....

        ඒ වගේම එකෙක් හරි කියනවනම් මම දේශපාලනය කරන්නෙ පෞද්ගලික බලාපොරොත්තු නැතුව, රට වෙනුවෙන් රට හදන්න කියලා හරි මේ වෙනකම් දේශපාලනයට වැඩ කරලා කිසිම පෞද්ගලික ලාභයක් ලබාගෙන නෑ කියලා හරි, එතකොටත් මට කියන්න තියෙන්නේ,

      "පක තමයි... පක තමයි.... පක තමයි....." කියලා විතරයි...  ඔය ඔහොම කියන උන් මම පෞද්ගලික ව දන්නවා. උන් සහරාන්ට, ප්‍රභාකරන්ට, ඔසාමා බිං ලාඩන්ට, උනත් වැඩ කරාවි ලාභයක් තියෙනවනම්... එහෙම වැඩ කරලත් ඕකුන් කියන්නේ මේ රට වෙනුවෙන් කරේ පෞද්ගලික ලාභයක් බලාගෙන නෙවේ කියලා.... 

      මට කියලා දේශපාලන පක්ෂ දෙකේම උන් කවි, නිසදැස්, ලිපි ලියාගෙන තියෙනවා. (මොකාගෙ හරි හිත දිනා ගන්න...) මම උන්ව චෙක් කරන්න පෝස්ට් එකක් ලියලා දීලා ටික දවසකින් කියනවා මෙහෙම ඉඩිට් කරන්න කියලා උන්ට වාසියක් එන විදිහට. අනිවාර්යයෙන් ම උන් පෝස්ට් එක ඉඩිට් කරනවා ඒ විදිහට.... ඒ වගේම මට කියලා ලියා ගන්න හැම පෝස්ට් එකකම කෝල් රෙකෝඩ්, මැසේජ් ස්ක්‍රීන්ශොට්, මම ඉඩිට් කරන්න කියපු මැසේජ්, සේරම ලඟ තියාගෙන ඉන්න මට පේන්නම උන් දානවා රට වෙනුවෙන් කරන්නේ කියලා.... ඉතින් මට කියන්න තියෙන්නේ "ප......... තමයි".....

          දැන් මේ පෝස්ට් එක දකින මෝඩයෝ තේරුම් ගන්නේ, මම උන්ගේ පක්ෂෙට බැන්නා කියලා විතරයි. මම විරුද්ධ පක්ෂේ එකෙක් කියලා විතරයි.... ඒ වගේම තව දෙයක් තියෙනවා අන්තිමට කියන්න. ඒක කිව්වාම උන් හිතන්නේ මම ජ.වි.පෙ. කියලයි...😂 ඒ,


#ඉන්නඉන්නහිකෙනරටක්

#අකිල

No comments:

Post a Comment