Saturday, December 26, 2020

👉 පුළුවන් ද අදින්න මාව... පාට පාට විදිහට... 👈


ඔයා නේද සිත්තරී....

මම හිතුවා ඔයා අදීවි කියලා,
හැඩයක් නැති මගේ ජීවිතේ 
වෙනස් කරලා ලස්සනට....
මම හිතුවා ඔයා පාට කරාවි කියලා
කළු සුදු මගේ ජීවිතේ 
පාට කරලා ලස්සනට....

දන්නවද...
ඒ බලාපොරොත්තුව විතරක් ම ඇති,
ජීවිතේ රස කරන්න..
ඒ සිහිනය විතරක් ම ඇති,
ලෝකයක් මවා ගන්න...
ඒ ලෝකෙටම මම,
දුන්නා ඔක්සිජන් ඇති වෙන්න....

හැබැයි,
ටික දවසක් ගියා මට තේරුම් ගන්න....

ඔයා සිත්තරියක් මිසක්,
මායාකාරියක් නෙවෙයිනේ...
ඔයා වැරදි නෑ,
මටයි වැරදුනේ...
ඔයා කොහොම වෙනස් කරන්නද,
කරුමක්කාර මගේ ජීවිතය........

බැරි බව දැන දැනම,
හැබැයි මම ආයෙත් අහනවා...

පුළුවන් ද අදින්න මාව,
කලු සුදු ජීවිතේ 
පාට පැන්සල් වලින්...
පාට පාට විදිහට..

#අකිල
#සිත්තරී


No comments:

Post a Comment