අප්පගෙ උස්නෙ පිට උනේ,
අම්මගෙ ඇඟ උඩදි බලාත්කාරෙන්
ඇතුලෙම යවපු හින්දයි එදා,
ජාතක උනේ මං අවාසනාවෙන්
තනේ කිරිවත් ලැබුනෙ නෑ මට,
අම්මගේ වෛරයේ තුවාලයෙන්
තනිවම හැදුනු ළමයෙක් මං,
ලෝකෙට පිළිකුල් අනාතයෙක්
ශුක්‍රානු ඩිම්බ දැනගෙන හිටියෙ නෑ,
හමු වෙන්න හොඳ නෑ කියලා
ඒවා එකතු උනේ හමු උන නිසයි,
විද්‍යාවට කිව්වේ ටීචර්ලා
අන්තිමට ඉපදෙන්නෙ දරුවෙක් නං,
දරුවගෙ වැරැද්දක් කොහින්ද බයිලා
ලේ මස් වලත් පිළිකුළක් දැක්කෙ ඇයි,
මමත් මනුස්සයෙක්නෙ 'ශීලා'
අහම්බෙන් දැකපු සුදු කකුල් වලටයි,
මුදලාලි වහ වැටුනෙ එදාම
වඳිනකොටයි මගෙ තනේ ඇල්ලුවෙ,
සාදු බණේ නං කිව්වෙ නැ එහෙම
ලැමේ සුද දැකපු වටේ ඇඹලයො රොත්ත,
හිනා උනත් මං එක්ක හැමදාම
හමේ සුද දැකපු ගමේ කවුරුවත් නෑ,
ලයේ දුක දැක්කෙ පුරවාම
අම්මෙකුත් නැ උඹට අප්පෙකුත් නෑ නේද,
කවුරු කවුරුත් කිව්වෙ එකමයි
අම්මට ගහලා අප්පා පැන්නාලු උඹේ,
අම්මා වේසාවියක් මාරයි
අප්පා ගැහුවාම අම්මා වැරදීද මගේ,
හිත නිතරෝම ඇහුවෙ එහෙමයි
වැරැද්දක් නැතුවාම මමත් වැරදී නං,
උඹලටයි මේ වෛරය බාරයි!!!
කාලෙකින් කියවපු තදින්ම දැනුණු ලියවිල්ලක්. ලියවිල්ල මේ ඝා ගේ.....❤
No comments:
Post a Comment