Thursday, December 24, 2020

👉 ඒක තමයි ආදරය..... 👈



දවස් ගානක් නිදි මරලා වගේ,
පට්ටම නිදි මතෙන්,
නිදා ගන්න හදනකොටත්
එක පාරටම දැකලා,
දැක්ක හැටියේ,
නිදි මත නැති වෙනවනම්,
ඒකට හේතුව....
ආදරේ වෙන්න ඇති නේද.....

දවස් කීපයක් නොකා ඉදලා වගේ,
පට්ටම බඩගින්නේ,
කන්න ගන්නකොටත්,
එක පාරටම දැකලා,
දැක්ක හැටියේ,
බඩගින්න නැති වෙනවනම්,
ඒකට හේතුවත්...
ආදරේ වෙන්න ඇති නේද.....

කාන්තාරෙක ඇවිදලා වගේ,
වතුර දකින්නවත් නැතුව ඉදලා,
අම්බානක පිපාසයෙන්,
වතුර බොන්න ගන්නකොටත්,
එක පාරටම දැකලා,
දැක්ක හැටියේ,
පිපාසය නැති වෙනවනම්,
ඒකට හේතුවත්..
ආදරේ වෙන්න ඇති නේද.....

ලෝක යුද්ධෙට ගිහින් එද්දි වගේ,
ඇවිදගන්නවත් බැරිව,
පට්ටම අමාරුවෙන්, තෙහෙට්ටුවෙන්,
වාඩිවෙන්න හදනකොටත්,
එක පාරටම දැකලා,
දැක්ක හැටියේ,
මහන්සිය නැති වෙනවනම්
ඒකට හේතුවත්....
ආදරේ වෙන්න ඇති නේද....

ඉතින් ඇත්තටම හැමදාම වගේ,
යන එන ගමන් ඔයාව දැකලා,
දැක්ක හැටියේම,
මටත් එහෙම වෙනවනම්,
ඒ කියන්නේ,
ඒකට හේතුවත්.....
මම ඔයාට,
ආදරේ වෙන්න ඇති නේද.....💜

#අකිල
#එරන්දියේ


No comments:

Post a Comment