Thursday, December 24, 2020

👉 කාලය මැව් වෙනසක අරුමේ 👈



කාලෙකට කලින් පොඩි කොල්ලො ආසම සෙල්ලම් බඩු උනේ තුවක්කු...ඉතින් උන් ලොකු වෙලා ආමි එකට ගියා.. ඉස්කෝලෙන් අයින් වෙන්නෙම ආමි එකට යන්න. 

ඒ කාලේ කෙල්ලෝ ආසම සෙල්ලම් බඩු උනේ බෝනික්කො... ඉතින් උන් ලොකු වෙලා බෝනික්කියෝ වගේ ඉන්න උත්සහ කරා... ඉස්කෝලෙන් අයින් වෙන්නෙම බෝනික්කියෝ වගේ ඉදලා ආමි කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න...

ඒ කාලේ ඉවර වෙලා, කාලෙකට පස්සේ,

පොඩි කොල්ලෝ ආසම සෙල්ලම් බඩු උනේ බැකෝ, එස්කැවේටර්, බූම් වගේ බර වාහන... ඉතින් උන් ලොකු වෙලා ඒවගේ ඔපරේටර්ලා ඩ්‍රයිවර්ලා උනා...
ඉස්කෝලෙන් අයින් උන ගමන් උන් ගියේ ඒ පැත්තට...

එතකොට පොඩි කෙල්ලෝ ආසම සෙල්ලම් බඩුව උනේ පෝන් එක... ඉතින් උන් ලොකු උනාමත් ඒකෙන් සෙල්ලම් කරන්න ගත්තා... ඒ අර ඩ්‍රයිවර්ලයි ඔපරේටර්ලයි, ආමි කොල්ලොයි එක්ක. ඉස්කෝලෙන් අයින් වෙන්න කලින්ම උන් පෝන් එකෙන් සෙල්ලම් කරන්න ගත්තා....

ඔය කාල දෙකේම හිටියා කම්පියුටර් වලට ආස උනුත්... උන් තුවක්කු වලින් වෙඩි තියෙන එක කරෙත්, වාහන ඩ්‍රයිවින් කරන එක කරෙත්, කම්පියුටර් එකෙන්...
ඉතින් උන් ලොකු උනාම මේ වගේ පෝස්ට් ෆේස්බුක් දමමින් කාළකණ්නි වෙන්න ගත්තා... 
එතකොට උන් එක්ක සෙල්ලම් කරන්න, කෙල්ලොවත් බල්ලොවත් කැමති නැති උනා 😂.... 

#අකිල


No comments:

Post a Comment