Saturday, December 26, 2020

👉 සිත්තරී නුඹ නේද ? 👈


ඔයා නේද සිත්තරී....

හිස් පිටුවක ජීවිතේ ඇදලා,
ඒකට පණ දුන්න,
සිත්තරී නුඹ නේද....
පණ දීපු ඒ පිටුවේ,
සතුට සිත්තම් කරලා,
හිනාවක් මට දීපු,
සිත්තරී නුඹ නේද....

අරමුණක් නැති පැන්සලක,
සිහිනය ලෙසින් එන,
හිස් පිටුව මම වේද....
සැබෑ උන ඒ සිහිනේ,
සතුට සිත්තම් කරලා,
සැනසීම ගෙන දීපු,
ආදරෙත් මම වේද......

#අකිල
#සිත්තරී

No comments:

Post a Comment