Wednesday, December 23, 2020

👉 සුන්දරත්වය සමීපයි, වේදනාවට... 👈




හිතුවේ නෑ මම
කිසිම දාක
එතරම් සුන්දර මුහුණක්,
එතරම් සුන්දර ඇස් දෙකක්,
මගේ මුහුණට 
අඩියක් තරම්වත්,
පරතරයක් නැතුව
මෙතරම් ලං වී සිටියදීත්
ඇයගේ ඇස් දෙස බලාගෙනම
මට කෑ ගහන්න සිදු වේවිය කියා...
එතරම් වේදනාවකින්....

ඇය මගේ මුහුණ,
මෙතරම් සැළකිල්ලෙන්, සමීපව
කරුණාවෙන්, සැහැල්ලුවෙන්
බලනකොටත්,
මට බැලීමට හැකි වුයේ 
ස්වල්ප වෙලාවකි,
ඇයගේ ඇස් දිහා
මට ඇයගේ ඇස් බැලීමටවත්
නොහැකි තරම් වේදනාවක,
ඒ වනවිටත් මා පැටළිලා....
ඇත්තමයි....

සුන්දරත්වය සමීපයි,
වේදනාවට..........

නිධාන කතාව :- මගේ දතක් ගැලවීම... ලස්සන දොස්තර නෝනා කෙනෙක්....(lady doctor)

#අකිල

No comments:

Post a Comment