Saturday, December 26, 2020

👉 සැබෑම හුහුදකලාව 👈



මම හිටියා ලඟදි හොටෙල් කාමරයක...
තනියම....
කව්රුත් නෑ...
අදුරන කෙනෙක්වත් නෑ...
කතා කරන්න, කරදර කරන්න කව්රුත් ම නෑ...
මම හිතන්නේ හරිම හුදකලාව තමයි ඒක...

ඇත්තටම ඒක,
මිනිහෙකුට ලැබෙන්න ඕනිම මොහොතක්...
තමන් ජීවිතේ මේ වෙනකම් දුක් උන 
මොහොතවල් මතක් කරල,
හිනා වෙන්න පුළුවන් මොහොතක්.....
තමන් ජීවිතේ මේ වෙනකම් සතුටු උන 
මොහොතවල් මතක් කරලා,
අඩන්න පුළුවන් මොහොතක්...

සත්‍තයි මට හිතුනා,
මිනිස්සු බය වෙන්න ඕනි ජීවිතේ සතුටු දායක 
සිදුවීම් වලට කියලා.... 

කාලයක් ගිහින් ඒවා ආයෙම ආයෙම 
මතක් කරනකොට දැනෙන වේදනාව 
සුළු පටු එකක් නෙවේ....
ඒකෙන් ජීවිතේ අනිත්‍යයි කියලා ලේසියෙන් ම උගන්වනවා.......

ඇත්තටම මේක තරම් කාළකණ්නි මොහොතක් 
වගේම මේක තරම් ලස්සන මොහොතකුත් තව 
නැතුව ඇති..

සැබෑ ම හුදකලාව.....❤ 

#අකිල


No comments:

Post a Comment