Thursday, December 24, 2020

👉 උඹ දැක්කද ? 👈



උඹ දැක්කද ඉරිසියාව,
මගේ යාළුවා එක්ක
උඹ මුකුළු කරනකොට,
මා එක්ක නැතුව ඌ එක්ක 
කතා කරනකොට, 
ඇවිදිනකොට,
මම සැරෙන් සැරෙන් හැරිලා බලද්දි,
මගේ මූණේ තිබ්බ එක තමා, ඉරිසියාව.....

උඹ දැක්කද ලෝබකම,
උඹ ලඟ බස් එකේ ඉදගෙන ඉද්දි,
උඹේ නටන ඇස් දිහා බලාගෙන ඉද්දි,
කොහෙන්දෝ ආපු 
උඹේ යාළුවට සීට් එක දෙන්න වෙලා,
මම නැගිටිනකොට,
මගේ මූණේ තිබ්බ එක තමා, ලෝබකම....

උඹ දැක්කද ආශාව,
මගේ ලඟම උඹ ඉන්නකොට,
මගෙත් එක්ක කතා කරන කොට,
උඹේ නටන ඇස් දිහා මම 
පිස්සෙක් වගේ පිස්සෙක් වගේ,
බලාගෙන ඉද්දි
දැල්විලා තිබ්බ,
මගේ ඇස් වල තිබ්බ එක තමා,
ආශාව.....

උඹ දැක්කද ආදරය,
උඹේ කලින් කොල්ලා ගැන උඹ කියනකොට,
ඌ ගැන උඹ, හිතනවා දැනෙනකොට,
උඹට අම්බානකට ආදරේ කර කරම,
උඹව ඉල්ලලා අඩන මගේ හිත,
හංගගෙන,
ඌවයි උඹයි එකතු කරන්න කතා කරනකොට,
මගේ මූණේ තිබ්බ එක තමා 
ආදරය.......

#අකිල
#එරන්දියේ


No comments:

Post a Comment