Saturday, December 26, 2020

👉 වරෙන් ධර්මයේ හැසිරෙන්න 👈


මස් මාළු නැතුව කන්න බැරි, කැලේ සත්තු මරන්න ආස අය, තමන්ගේ ජාතිය විතරක් ඉතුරු කරගෙන වෙන ජාතියක් ආගමක් අදහන අය මරන්න හදන අය,

"පාණාතිපාතා වේරමණී සික්කාපදං සමාදියාමි"  
කියන ආගමක් අදහනවා වගේ පෙන්වන එක වගේම ඒ ආගම රැක ගන්න හදන එක තමයි අභිමානය......

අනුන්ගේ දේවල් කඩාවඩා ගන්න බලන අය, ලඟ එකාගෙ පෑනක් හරි හොරෙන් ගන්න බලාගෙන ඉන්න අය,

"අදින්නාදානා වේරමණි සික්කාපදං සමාදියාමි" 
කියන ආගමක් අදහනවා වගේ පෙන්වන එක වගේම ඒ ආගම රැක ගන්න හදන එක තමයි සභ්‍යත්වය......

කොයි වෙලේද වැලක් ලීක් වෙන්නේ කියලා බලාගෙන ඉන්න අය, වැලක් ලීක් උනාම ලිංක් එක හොයන්න සෑහෙන්න මහන්සි වෙන අය, හැමෝටම ශෙයා කරලා ඒකෙන් සෑහෙන්න ආතල් එකක් අරගෙන ඒක විහිළුවකමට ගන්න අය, කොයි වෙලෙත් අනුන්ගේ ගෑණියෙක් ගැන හරි මිනිහෙක් ගැන හරි සුරාන්ත හීන දකින අය, කොටින්ම සෙක්ස් හොයලා ලෝකෙන්ම එක උන අය,

"කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්කාපදං සමාදියාමි" 
කියන ආගමක් අදහනවා වගේ පෙන්වන එක වගේම ඒ ආගම රැක ගන්න හදන එක තමයි හැදියාව......

තමන් ලෝකේ ඉන්න හොඳම යහපත් ම මනුස්සයා කියලා ෆේස්බුක් එකේ පෙන්වන්න අම්බානකට දඟලන අය, බොරු ෆේක් එකවුන්ට් පවා හදාගෙන තමන් නොදන්නම දේවල් දන්නවා වගේ ශෙයා කරන කතා කරන අය, කට ඇරියොත් බොරුවක්, කේලමක්, ඇදයක්, අපහාසක් කටින් පිට කරන අය, සෙක්ස් කරන්න තියෙන ඕනි කමට අම්බානකට බොරු කියන අය, කොටින්ම අප්‍රේල් පළවෙනි දා විහිළුවටත් බොරු කියන අය,

"මුසාවාදා වේරමණි සික්කාපදං සමාදියාමි" 
කියන ආගමක් අදහනවා වගේ පෙන්වන එක වගේම ඒ ආගම රැක ගන්න හදන එක තමයි සංස්කෘතිය......

අරක්කු සිගරට් ජීවිතේම කරගත්තු අය, කතා කරොත් අරක්කු  ගැනම කියවන අය, දුංකොළ කෑල්ලක් හරි පොඩි කරලා තූල් තියාගෙන ඉන්න අය, බඩු පොඩ්ඩක් නැද්ද බන් අහහත්තු ගමන්ම ඉන්න අය, උපන් දිනයක් ආවත් බීලා වැටිලා ඉන්න පොටෝම හැපි බර්ත් ඩේ කියලා තියෙන අය,

"සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්කාපදං සමාදියාමි" 
කියන ආගමක් අදහනවා වගේ පෙන්වන එක වගේම ඒ ආගම රැක ගන්න හදන එක තමයි ආඩම්බරය.....

ටසිරි වෙනවා නෙහ් හිතනකොටත්... මට නිරාගමිකයි කියලා බනින, බුකියෙන් බණ කියන සේරම උන් මේ කොටස් පහෙන් එකකට හරි වැටෙනවා. 

ඇයි අකිල බුදු දහම ගැන ඔච්චර ද දන්නේ ?...

නෑ හිටපන් තව තියෙනවා....
.
..
...
....

නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රහමණා....
කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහමණා....

(කෙනෙකු උපතින් වසළයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවේ.. කෙනෙක් වසළයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නෙ ඔහු කරන ක්‍රියාව මත පමණි..)

කියපු ආගමක් අදහන උන්,

නහී වේරේන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
ඒස ධම්මෝ සනත්තනෝ”

(වෛර කිරීමෙන් වෛරය සන්සිඳෙන්නේ නැහැ. වෛර නොකිරීමෙන් පමණමයි, එය සන්සිඳී යන්නේ. මෙය පෙර සිටම පවතින ස්වභාවයක්.)

කියපු ආගමක් අදහන උන්,

උඹ කොච්චර පොඩි එකෙක්ද, උඹට වයස කීයද ? උඹ මොනවාද දන්නේ, නිරාගමික, කරුමෙට ජාතක උන් කියලා අහන ගමන්ම, අපි අධිමානසිකයින් එක්ක කතා කරලා තේරුමක් නෑ කියන ගමන්ම,  සිංහල තමයි ඩෝ... මුස්ලිම් මරන්ඩෝන ඩෝ... හැම මුස්ලිම් එකාම එකයි ඩෝ... අපි සිංහ ලේ ඩෝ... ගෑණු පිරිමි හැම දෙමළම හම්බයම මරන්නෝන ඩෝ... මරාගෙන මැරෙනවා ඩෝ... ලෝකෙන් උතුම් එක අපේ එක ඩෝ... හැම දෙමළම කොටි ඩෝ. හැම හම්බයම ISIS ඩෝ.. උන්ගේ එකෙක් නෑර පෙති ගහන්ඩෝන ඩෝ.... නැති උනොත් අපේ ජාතිය නැති වෙනව ඩෝ.. අපි ආගම රකින්න ඕනි ඩෝ...  තව අපි බුදු බණට හීළෑ උන යක්කු බොළව් කියලත් කියනවා.... 😎අන්තිමට කියනවා "බුදු දහම ආගමක් නෙවේ ඩෝ දර්ශණයක්" කියලා... හැබැයි ඒම කියන එකෙක්ගෙන් චතුරාර්ය සත්‍යය ඇහුවාම හරියට කේන්ති යනවා... එක අතකට අනේ සාදු සාදූ සාදු....

(ඔව්වා මොනවාද නෙහ් හාමුදුරුවරු කනට ගහලා බුදු දහම වැළඳගනින් කියලා කියන්නේ.... කනට ගහලා කියන්නේ අපේ ඒරියා එකේ වෙන ආගම් බෑ ඩෝ කියලා.... චටාස්...) 

වැරදි ආකල්ප හා විශ්වාසයන් කෙරෙහි අහේතුකව හා පදනම් විරහිතව එල්බ ගැනීම සත්‍යාවබෝධයට බාධාවක් ලෙස දකින බුදුසමය මානසික වහල්භාවයෙන් මිදිය යුතුය යන්න දැඩිව අවධාරණය කර ඇත. 

‘අත්තානං ගවේසෙය්‍යාථ
සචිත්ත මනුරක්ඛථ”

චටාස්.....

.........................................................

සම්බෙ තසන්ති දණ්ඩස්ස - සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා - න හනෙය්‍ය න ඝාතයෙ

කියපු ආගමක් අදහන උන්,

අර ඉහත කියපු දේවල් කර කරම,
අලි ඇත්තුන්ව දම්වැල් දාගෙන හිරකරගෙන, උන්ගේ ජීවිතේ නිදහස කියන එක නොදී, උන්ගේ ප්‍රජනන අයිතිය නොදී, තාර පාරවල් වල ඇවිද්ද ඇවිද්ද, හිරි හැර කරන ගමන්,

දළඳා මාලිඟාවේ අලි ඇත්තු පිංවන්තයි. උන් අපිට වැඩිය සැප විදිනවා. උන් දිව්‍යලෝකයේ ඉපදෙනවා.  උන්ට මදන කාලෙට හිරිහැර කරන්නේ ආදරේට. උන් පයින් තාර පාරවල් වල ඇවිදින්නේ මාර ආසාවෙන් කියනකොට මට හිනා වෙන්න ඕනි කොහෙන්ද කියලත් හිතා ගන්න බැරි උනා....
       (ආ උන් හිතාගෙන ඉන්නේ, කැළයට ගිහින් අලියෙක් දිහා බලලා, "ඔයා එන්න එන්න... දුකයි දුකයි දුකයි.... අපේ මාළිඟාවට එන්න... කරඩුවක් තියෙනවා ගෙනියන්න.... එන්න එන්න එන්න...." කිව්වාම හරි යං මල්ලි මට මාර පිණක්නෙ ඒක, කැලේ ඉදලා එපා වෙලා හිටියේ මේ කියල කැලේ ඉදන් මේ ඇවිත් මිනිස්සු එක්ක ඉන්නවා කියලා වෙන්න ඇති... එක අතකට සාදු සාදු සාදු....)
.........................................................

අක්කෝසං වධබන්ධං ච - අදුට්ඨෝ යෝ තිතික්ඛති
ඛන්තිබලං බලානීකං - තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං

(බාහිර උදවිය ආක්‍රෝෂ කරද්දීත්, කායික වධබන්ධන කරද්දීත් එ් කිසි දේකට කිපෙන්නෙ නැතුව, ඉවසනවා නම්, ඉවසීම ම බලය කරගෙන ඉන්න, අරහත් මුනිවරයාටයි මම බ‍්‍රාහ්මණයා කියන්නේ.) 

කියපු ආගමක් අදහන උන්,

අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති

(අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.)

කියපු ආගමක් අදහන උන්,

කොමෙන්ට් වලින් වපුරන කුණුහරුප දැක්කාම ආය ඒ ගැන කතා කරන්න හිතෙන්නෙත් නෑ... 😂 ඒක කිව්වාම මතක් උනේ. Dewyan කියලා මගේ යාළුවෙක් ෆේස්බුක් බෞද්ධයන් ගැන කොමෙන්ට් එක්ක දාලා තිබ්බ මරු කතාවක්. "උන්ගෙයි බල්ලොන්ගෙයි තියෙන්නෙ ආත්මීය බැඳීමක් 😹 ආගමට බැන්නද ඒ සෙනික "උඹෙ අම්මයි බල්ලොයි..."  😂

 ඉතින් එක අතකට..... සාදු සාදු සාදු...

#අකිල

පසුව ලියමි....

‘‘මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා. මමං වා, භික්ඛවෙ , පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, තුම්හං යෙවස්ස තෙන අන්තරායො."

"මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. "

මේකත් මම කියපු එකක් නෙවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නේ... මචන් ඉතින් කේන්ති ගන්නේ නැතුව පලයන්....... 😂


No comments:

Post a Comment