Thursday, December 24, 2020

👉 මට ඕනි උඹට වෛර කරන්න 👈



මට ඕනි උඹට වෛර කරන්න
ගෙදර යනකම්ම පාර දිගේ,
මම කරන්නේ උඹට බනින එක....
ගෙදර යනකම්ම මට මැවෙන්නේ,
උඹ වෙන උන් එක්ක මුකුළු කරන එක....
මාව පහු කරන වාහනයක් ගානේ මට හිතෙන්නේ,
උඹ මගේ ආදරේ නොසලකන එක.....

මට ඕනි උඹව අමතක කරන්න
ගෙදර ගිහිල්ලත් මම කරන්නේ
උඹට ශාප කරන එක....
පෝන් එක පැත්තකට දාලා,
ආය මැසේජ් එකක්වත් නොදා ඉන්න,
හිත පුරුදු කරන එක....
හිතට එන හැගීම් අකුරු නොකර
අමතක කරලම දාන්න,
හිතා ගන්න එක...

ඒත් මම කරපු පවක් ද මන්දා,

හැම රෑකම උඹව මතක් වෙලා,
මම කරන්නේ උඹ ගැන හිතන එක...
උඹ ගැන කවි ලියන එක,
පරණ ලියපු කවි කියවන එක...
උඹ එක්ක ජීවිතේ පතන එක...
අන්තිමට උඹට මැසේජ් දාන එක....

මං බලෙන්ම මැසේජ් කරලා, 
හැම උදේම මම උඹෙන් ඉල්ලන්නේ,
"ගුඩ් මෝනින්ග් අයියේ" කියන එකේ,
අයියේ කියන එක....

හැම උදේකම උඹව දකිනකොට,
මට හිතෙන්නේ මං උඹට 
ආදරේ කියන එක.....
සත්තයි,
හවස් වෙනකම්ම මම කරන්නේ,
උඹට ආදරේ කරන එක....
උඹ වෙනුවෙන් පණ උනත් දෙන්න 
ලෑස්ති වෙලා ඉන්න එක.....

ඉතින් ජීවිතේ එකම රවුමක්....

ආයෙත් හවසට,
උඹ කරන්නේ බොරුවක් කියලා,
මාව මඟ ඇරලා යන එක......
ආයේ ආයේම වෙන්නේ,
උදේ ඉදන් ආදරේ කරපු මං,
හවස ගෙදර යන වෙලාවට
උඹට වෛර කරන්න ගන්න එක......

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment