Thursday, December 24, 2020

👉 එනවද නුඹ විශාකා දේවිය..... 👈



එයාලා හැමෝටම ඕනි,
පෝසත් නගර වල ඇවිදින්න...
රදළ පාළනයේ නටබුන් උඩින් ඇවිදින්න...
නපුරු සීතල එක්ක වෙලී වෙලී යන්න...
දවල් වගේ ලයිට් දාපු ලොකු නගර වල පාරවල්වල....
හරියට නුවර වැව රවුමේ වගේ.....

ඒත් මම ආස,
මට ඕනි, 
මට තියෙන,
ඉරි තැළුන වේළුනු කාෂ්ඨක
ගිරවැල් පාරක් තියෙන ගමක,
දාඩිය වැටිලා මඩ උන කුඹුරු යායක,
අලියෙක් මුණ ගැහේවිද හිත හිත,
සිටියත් බය නැති හැගීමෙන්,
තරු එළියෙන් විතරක් උඹ එක්ක ඇවිදින්න යන්න....

කුඹුරු යායෙම සුළගේ සුවද විදගෙන,
කුඹුරු යායක සිසිල අරගෙන,
නියරක් දිඟේ සමබරව,
අත් අල්ලගෙන.....

විශාකා දේවියක් වගේ නුඹ,
කැමතිනම් ඒ හැගීමට
වැද්දෙක් වගේ මම කැමති,
නුඹ එක්ක ඇවිදින්න....
එනවද නුඹ විශාකා දේවිය.....

#අකිල
#විශාකා දේවිය

No comments:

Post a Comment