Saturday, December 26, 2020

👉 දඹ වෙනුවෙන් පෙරට 👈


මාගේ හිත මිතුරු Lakshan සහෝදරයාගේ පෙර කුසල් මහිමයේ අඩුපාඩුවක් නිසාවෙන් වැරදි වැටහීමක් ඇති කරගෙන දඹ වලට කර තිබූ අපහාසය වෙනුවෙන් මෙසේ ලියා තබමි. 

           ඔහුගේ පෝස්ටුවේ කොමෙන්ට් දමා තිබූ සියල්ලක්ම නොවූවත් බොහෝ දෙනෙක් කියා සිටියේ ක්‍රෑහ් : තූහ් ! ඊයා දඹ කියායි. එසේ බහුතර දෙනෙක් කියනකොට මේ යකා බොරුවක් කරනවා විය නොහැක. සිදු වී ඇත්තේ මේ යක්කු සියල්ලටම වැරදි වැටහීමක් ඇති වීම බව මට පැහැදිලිය. (එක්කො මට......)

        MYRTACEAE කුලයට අයත් විටමින් c, ලෝහ, සිනි වලින් අනුන දඹ එහෙම නැතිනම් මාදං ලෙස හදුන්වන “මාදං” ශාකය ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රාශියක් ලබා දෙන ශාකයක් වේ. විශේෂයෙන් “මධු මේහය” රෝගීන් සඳහා යොදනු ලබන ඖෂධයෝග සඳහා බහුල ලෙස යොදා ගන්නා ශාකයක් ලෙස “මාදං” ශාකය හැඳීන්විය හැකිය. මාදං සඳහා සංස්කෘත බසින් යෙදෙන ප්‍රධානතම නාමයක් වනුයේ “ජම්බු” යනුයි. “ජම්‍යකෙ භාක්ෂ්‍යතේ සවෙ අස්‍යා: ඵලං ඉති ජම්බු අදනේ” “මාදං ගෙඩි මධුර රස හෙයින් සියලු දෙනාමට කෑමට යෝග්‍යය.” 
ආයේ කියන්නම්..

“මාදං ගෙඩි මධුර රස හෙයින් සියලු දෙනාමට කෑමට යෝග්‍යය.” 

           දං ගෙඩි ඉදුණු පසු දම් පැහැතිය. දං ගෙඩි කෑ පසු කට, දිව, දම් පැහැ වේ. මෙහි පොතු වල සාරය පවා දම් පාටට හුරුය. දම් පැහැය නිසා මෙම ගෙඩියට දං යන නාමය යොදන්නට ඇතැයි සිතිය හැක. එසේම ජම්බු යන නාමයට හෙළයට දඹ වී එය දං බවට පත්වූයේ යැයිද මතයකි. දඹ වර්ග කිහිපයක් වන නිසා “මහා දඹ” යන වර්ගය “මාදං” වන්නට ඇත. විශේෂයෙන් මෙහි පොතු සහ ඇට ලේ වල සීනි ප්‍රමාණය පාලනය සඳහා යොදා ගන්නා ඖෂධ යෝග වල එක් උපාදානයක් නිසා මෙය ඉතා වටිනා ප්‍රයෝජනවත් ශාකයකි. අතීතයේ සෑම ප්‍රදේශයකම පාහේ දැකිය හැකි වුවත් වර්තමානයේ නාගරීකරණය සහ කාර්මීකරණය වැනි හේතු නිසා වියළි කලාපය තුළ පමණක් බහුලව දැකිය හැක...

      මෙච්චර මධුර රස මේ කැළා පළතුර මේ නගරාසන්න මගේ මිත්‍රයන් ක්‍රෑහ්.!තුහ්ඃ ලෙස හදුන්වන්නෙ ඇයි...? ඊට හේතු කීපයක් තිබිය හැක..

          1) ඔවුන් ඔය දඹ රස බලා ඇත්තේ පාරක විකුණන තැනකින් වීම. දඹ කැලෑ ගස් වල හැදෙන ප්‍රණීත පළතුරක් බව ටවුන් වල සිටින පොෂ් නෝනා මහත්වරු හොදින්ම දනී. ඊට හේතුව බොහෝ අය ටවුන්ගත වීමට පෙර ගමේ සිටි අය වීමයි. ඉතින් මී කුණක් විකුණලා පොරක් උන බණ කතා අහගෙන කරදඩු උස් මහත් උන එකෙක් දඹ අරගෙන ටවුන් එකට ගියාම ඒ ටවුන් එකේ පොෂ් නෝනලා මහත්වරුන්ට ලොකු දෙයක් බැවින් දඹ වලින් ගානක් හොයා ගන්න සිතෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒ යකා ඉදුණ ගෙඩි වෙනම අමු ගෙඩි වෙනම කඩලා ගේන්නෙ නැත. ඌ ගහේ අතු පිටින් කපලා සේරම ගෙඩි කඩාගෙන රැගෙන එයි. ඉතින් බාගෙට ඉදුණු ගෙඩියක් උනත් කඩා තිබෙනා විට කළු පැහැයට හැරේ.. ඉතින් ඒ දඹ කාපු කෙනෙක් පොළොන්නරුව කිව්වාම අතිගරු ජනාධිපතිතුමා මතක් වෙලාව් වගේ ක්‍රෑහ්..!තුහ්ඃ කීම එක අතකට සාධාරණය... නමුත් එකෙක් නිසා මුළු පොළොන්නරුවටම ඒම ක්‍රෑහ්..!තුහ්ඃ කීමනම් හෙන අසාධාරණ ය...

      2) දත් මැදීම වැනි දෙයක් නිසා කටේ සාමාන්‍යය ස්භාවය වෙනස් වීම.. දත් මැදීමෙන් ඒ බෙහෙත් නිසා මොන ජාතියක කෑමක් කෑවත් ඒකේ සාමාන්‍යය රස දිවට නොදැනීම සාමාන්‍යය දෙයකි. නැතිනම් එවැනි කුමක් හෝ සීන් එකක් නිසා (හැක්ස් ටොපියක් කෑම වගේ) කටේ දිවේ සාමාන්‍යය ටෝන් එක වෙනස් වී මොන මධුර කෑමක් කෑවත් කඨෝර රසයක් දැනීමට ඉඩ ඇත. ඉතින් ඒකට අහිංසක දඹ ගෙඩි හේතුවක් කර නොගන්නා මෙන් මා ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයට ඉල්ලීමට අවසර දෙන මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලන යූ.ඇන්.පී. මාමා කෙනෙක් ලෙසින් ය....

         3) කඨෝර රසයක් ඇති ගසක ගෙඩි වීම.. සෑම ගසකම විවිධ ප්‍රබේධ ගණනාවක් ඇත. මේ දඹ ගස හැර වෙනත් දඹ ගස් තිබෙනවා සේම, මෙ දඹ ගසත් හැර වෙනත් දඹ ගසුත් හැර තවත් ගස් තිබෙනවා සේම මේ පිංබර ලක්බිමේ වෛර්ණ ජාන විකෘති උන එව්වා ඇත. හොඳම උදාහරණය උතුම් පිංබර පුණ්‍යභූමියක් උන මේ භූමියෙහි නිරාගමිකයින් බිහි වී තිබීමයි...(නෑ නෑ මම නිරාගමික උනේ ඉස්සර. දැන් මේ බණ ගෙදරක යන ගමන්)... ඉතින් කඨෝර රස තියෙන දඹ ගස් මගේ අත්දැකීම් වල ඇත. උදාහරණයක් විදිහට අපේ ගමේ තියෙන සමහර ගස් වල ගෙඩි කෑමට බැරිය. එවැනි ගස් කීපයක් ඇත. ඒ ගෙඩිවල රස දිමියන් වැනි කෘමියන්ගේ ශුක්‍රාණු මිශ්‍ර උන මූත්‍රා සමඟ ඒ දිමියන් කන විට පැමිණෙන රස මෙන් දැනේ. ඒක රසට අපිනම් කියන්නෙ කැ$ රහක් කියායි. එවැනි ගස් වල ගෙඩි තරමක් විශාල වන අතර එවැනි ගෙඩි හෝ ගස් හදුනා ගැනීමට ඇති එකම ක්‍රමය ගෙඩියක් කා බැලීම පමණි. පිටින් බලා කිසිම ලෙසකින් විනිශ්චය කළ නොහැක. සමහරවිට එවැනි ගෙඩියක් නිසා මුළු දඹ ගස් සියල්ලටම අපහාස කරන්න එපා යැයි මා ගෞරවාන්විත ව ඉල්ලා සිටිමි. ඒ පව්ලේ අයගේ වැරදි වලට මහින්ද රාජපක්ෂට බනින්න එපා ලෙස පවසන අහිංසක පොහොට්ටු සාමජිකයෙකු ලෙසිනි.

        4) අවසාන හේතුව. ඔව්. ඔබ මෙතෙක් වෙලා හිතපු හේතුව. හැම එකාටම තියෙන්නේ එකම දිවක් නොවීම.. එසේත් දිවවල් වල තියෙන වෙනස මීට හේතු වේ.. යම් යම් රසවල් යම් යම් දිවවල් වලට නොදැනීමට සේම දැනීමට ‍දැනීමට හේතු ඇත. (ඇඟිලි සළකුණු සේම කෙනාගෙන් කෙනාට දිවේ ස්භාවය වෙනස් වෙන බව මා දැන ගත්තේ ෆේස්බුකියෙනි. ඇත්තද බොරුද මම නොදනිමි.) ඉතින් ඔය දඹ කඨෝර රසයි කීව අයගේ දිවවල් වල අව්ලක් හෝ දඹ මධුර රසයි කීව අයගේ අව්ලක් විය හැක.. ඒ නමුත් දඹ වලට අපහාස නොකරන මෙන් ඉල්ලා සිටිමි. (කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන මාමා කෙනෙක් වගේ මට මේ වෙලාවේ දැනී ඇත.) 

         ඒ සමඟම තව දෙයක් පවසමි. මගේ ගමට දඹ සීසන් පැමිණි විට විවිධාකාර ප්‍රදේශ වලින් ගම් වැසියන්ගේ විවිධාකාර නෑදෑයන් ගමට පැමිණේ. සිරිපාද සමය සේ මිනිසුන් මළු,පිඟන්, බාජන, කෝප්ප, අරගෙන දඹ ගස් ගානේ ඇවිදීම සිදුවේ. සෑම දඹ වාරෙකම ගමෙ කොල්ලො කීප දෙනෙක් ගස් වලින් වැටී අකරතැබ්බයක් කර ගන්නවාමය. මේ පාර බණ්ඩාරේ අයියගේ පොඩි කොල්ලා අත කඩාගෙන ඇත්තේද මේ ක්‍රෑහ්..!තුහ්ඃ ගෙඩි වල ඇති මධුර ස්භාවය නිසාමය. මේ ලියන මමත් හැකි සෑම විටම දඹ කෑමට ගියේ විටෙක යාළුවන් සමඟ, විටෙක පව්ලේ උදවිය සමඟ, විටෙක ප්‍රියම්බිකාව සමඟ (නෑ නෑ ඒක දැම්ම නෙවේ.) ය.... 

         ඒ වගේම අවසාන වශයෙන් දඹ වලට ක්‍රෑහ්..! තුහ්ඃ කියූ අය වෙනුවෙන් මට මතක් කිරීමට දෙයක් ඇත... ඒ "ඊළග දඹ සීසන් එකට මෙහෙ වරෙව්...! ඇවිත් කාලා බලපියව්...!"  කියාය...

ස්තූතියි 🙏 

(පොඩි එකෙක් මයික් එක අරගෙන සාදු සාදු සාදු කීමට පටන් ගත්තේ මම මේ පෝස්ට් එක ලියා අවසාන කරනාත් සමඟය. ඇත්තෙන්ම ඒ මා වෙනුවෙන් නොව, බණට හාමුදුරුවෝ වඩිනවාය... ඉතින් සාදු...සාදු... සාදු...ය...)

#අකිල

No comments:

Post a Comment