Saturday, December 26, 2020

👉 උගේලු කලින් ඒ පෙම්වතී.... 👈



දන්නවනම් උඹ
ඕකිගේ හැටි,
කියයිද කවි වල හුරතලී...,
කියලා කිව්වා මට,
ඇයගේ හැටි,
උගේලු කලින් ඒ පෙම්වතී....!

අඩන්න පුරුදු කරපු,
හූල්ලන්න පුරුදු කරපු,
ඕකි තමයි මගේ,
පෙර පාසල් ගුරුවරී.....
තේරෙයි උඹට,
ඕකිගේ හැටි,
කලින් ඔය මගේ පෙම්වතී......

ඉස්සර ඕකි මගෙත්,
කවි වල හිටපු හුරතලී,
ආදරේ පෙන්නලා,
මගේ සතුට මරපු,
ඕකි මහා යක්ෂණී.....

ලිව්වොත් ඒකි ගැන කවි,
බලපන් උඹටත්,
අඩන්න වෙන හැටි....
කියලා කිව්වා මට,
ඇයගේ හැටි,
උගේලු කලින් ඒ පෙම්වතී....

#අකිල

No comments:

Post a Comment