උඹට පුළුවන් ද
සමාව දෙන්න මට,
කරපු වැරදි වලට,
පාපොච්චාරණය අහලවත්
මගේ වැරදි සියල්ලටම...
උඹට ඇබ්බැහි උන වරදට,
උඹට කැමති උන වරදට,
උඹේ අයිතිකාරයා
මම කියා සිතා,
උඹව ඉල්ලන මගේ හදවතට.....
සමාව දෙන්නට,
පුළුවන්නම් මට,
සමාව දෙන ගමන්
කියල දෙනවද මට.....
මගේ වැරදිවලට
උඹ සමාව දෙන විදිහට
මගේ වැරදිවලට
මම මටම සමාව දෙන විදිහ.....
#අකිල
No comments:
Post a Comment