Thursday, December 24, 2020

👉 ඔයාට පුළුවන් ද ආයෙමත් ? 👈



ඔයාට පුළුවන්ද ආයෙමත්,
මගේ මාතෘකාව වෙන්න
මට කවි ලියන්න,
හේතුවක් වෙන්න.... 
මට අමුතු උත්තේජනයක් වෙන්න,
ඔයා ගැනම හිතන්න,
මාව පොළබවන්න...

ඔයාට පුළුවන්ද ආයෙමත්,
මගේ බලාපොරොත්තුව වෙන්න
මට ජීවත් වෙන්න,
හේතුවක් වෙන්න.....
ඔයා වෙනුවෙන් ජීවිතේ ගෙවන්න
අවසර දෙන්න..
මගේ කම්මැලි ජීවිතේ 
ජවයෙන් පුරවන්න.....

ඔයාට පුළුවන්ද ආයෙමත්,
මගේ සිහිනය වෙන්න
හැම නින්දකම ඉදලා,
මට සුන්දර නින්දක් ලබන්න,
හේතුවක් වෙන්න....
මාව උදේම ඇහැරවලා,
ඔයාව බලන්නම වැඩට එන්න
ජවයක් දෙන්න....

මම හිතන්නේ
ඔයාට පුළුවන්... 
මගේ ලස්සනම කවිය වෙන්න...
එතකොට 
මට පුළුවන්ද 
මැරෙනකම් කවි ලිය ලිය,
ඔයා එක්කම ඉන්න......

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment