Saturday, December 26, 2020

👉 මමයි නුඹේ වියපත් බඹරා.. 👈


පුංචි කෙල්ලෙක් වයසින් වැඩි කෙනෙකුට ආදරය කිරීම හරිම ලස්සනයි... හැබැයි ඒ සාහිත්‍යයේ දි විතරයි. මමයි නුඹේ වියපත් බඹරා කියලා කියන්න පුළුවන් වෙන්නේ, සාහිත්‍යයේ දි විතරමයි....

         එහෙම නැත්නම් ඒකට කියන්නේ, බාල අපරාධයක් කියලා. කොපමණ පරම පවිත්‍ර ප්‍රේමයක් කියලා අර්ථ දැක්වීමක් කරත්, බාල අපරාධයකට නීතියෙන් දඩුවම් ලැබෙනවා.. ලැබිය යුතුයි. ඒ දඩුවම් පවිත්‍ර ඒවා නෙවෙයි... සරල ඒවත් නෙවෙයි...

        සාහිත්‍යයත් නොවී බාල අපරාධයකුත් නොවන තැනක් සමාජය පිළි ගන්න කැමති නෑ.... එහෙමත් නැත්නම් ඒකට කියන්නේ අසම්මත බැදීමක් කියලා.... ඒ බැදීම් වලට සමාජය කැමති නෑ. පිළිකුල් කරන්න, සමච්චල් කරන්න දෙයක් නැතිව ඉන්න පිවිතුරු සමාජය අසම්මතයක් හොය හොය ඉන්නේ හිනා වෙන්න... 

ඉතින්,
          මගේ පුංචි රෝස මලේ,
           මමයි නුඹේ වියපත් බඹරා.... කියලා අපිට අහන්න ලැබෙන්නෙම සාහිත්‍යයේ දී විතරයි.

ඒකයි සාහිත්‍යයේ හා යතාර්ථයේ වෙනස....

බුකියේ පහලට පහලට යනකොට දැකපු මේ පොටෝ නිසයි මට මෙහෙම හිතුනේ....

#අකිල

No comments:

Post a Comment