Thursday, December 24, 2020

👉 ඔයා කෙල්ලෙක් මම කොල්ලෙක්... අපරාදේ... 👈

 

මට ආසයි,
මට මතක් වෙන හැම සැරේකම
ඔයාලගේ ගෙදර එන්න,
කොච්චර මතක් වෙනවද කියනවනම්,
මට වෙන්නෙ ඔහෙ නතර වෙන්න...

එහෙම නැත්නම් 
මට පුළුවන් උනානම් 
හිතුන හිතුන වෙලාවට
ඔයාලගේ ගෙදර එන්න,
ඇවිත් කතා කර කර ඉන්න,
තියෙන දෙයක් කාලා බීලා යන්න....

මට පුළුවන් උනානම්
හිතුන හිතුන වෙලාවට
ඔයාව බයික් එකේ දාගෙන,
ඇවිදින්න යන්න, රස්තියාදු ගහන්න,
ඇළට දොළට පැනලා නාන්න,
කැලේ කොළේ ඇවිදින්න යන්න.....

මට පුළුවන් උනානම්,
හිතුන හිතුන වෙලාවට,
ඔයා එක්ක ෆිල්ම් බලන්න,
කෑ ගහලා සිංදු කියන්න,
මියුසිකල් වලට යන්න, 
ගිහින් ඇති වෙනකම්,
ඔයා එක්ක නටන්න.....

මට පුළුවන් උනානම්,
හිතුන හිතුන වෙලාවට
ඔයා එක්ක විහිළු කරන්න, 
කුණුහරුප කියාගෙන බැන ගන්න,
නයා පොළඟා වගේ රණ්ඩු කරන්න,
බිම පෙරලගෙන පොර අල්ලන්න...

මට පුළුවන් උනානම්,
හිතුන හිතුන වෙලාවට නෙවෙ,
මට ආසයි මගේ ජීවිතේ ම,
මැරෙනකම්ම,
හැම මොහොතක් ම,
ඔයා එක්කම ගෙවන්න.....

ඉතින් මැණික......

ඔයාට පුළුවන්ද ලබන ආත්මේ 
කොල්ලෙක් වෙන්න...
කොල්ලෙක් වෙලා හරි,
මා එක්කම ඉන්න....

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment