Thursday, December 24, 2020

👉 "අනිවාරෙන්...! අනිවාර්යයෙන්...!" 👈



මට මතකයි මම පොඩි කාලේ තාත්තා නිතරම කිව්ව කතාවක්. ඒ දේශපාලනය ගැන කතා කරන්න, වාද කරන්න, තර්ක කරන්න ඕනිනම් තමන්ගේ වයසේ අයත් එක්ක විතරක් කරන්න කියලා.. ඒ කාලේ මම සීයා  (අම්මගේ තාත්තා) එක්ක තර්ක කරා බුලත් කොළේ හොදයි කියලා අලියට වඩා....ආතා(තාත්තාගෙ තාත්තා) එක්ක තර්ක කරා අලියා හොදයි කියලා බුලත් කොළේට වඩා... ශිෂ්‍යත්වෙවත් ලියලා තිබ්බේ නැති මම, අවුරුදු හැටක් ජීවත් වෙච්ච මිනිහෙක් එක්ක සමාජ විද්‍යාව තර්ක කරනකොට, මම ප්‍රාඥයෙක් නෙවේ මෝඩයෙක්...(ළදරුවෙක්)
          තාත්තා කියපු දේ ගැඹුරු උනත් ඒක ඒ කාලේ තේරුනේ නෑ... ඒත් මට දැන් තේරෙනවා. 

තාත්තා තමන්ගේ වයසේ අය කියලා කිව්වේ, තමන්ට තරම් අත්දැකීම් තියෙන, තමන්ගේ තරම් පරිණත බවක් තියෙන, තමන් තරම් පොත් කියවපු, තමන් තරම් ජීවිතේ දැකපු අයට... 

     මොකද දෙක වසරේ ළමයෙක්, දෙක වසරේ දහම් පාසල් පොත විතරයිනම් කියවලා තියෙන්නේ ඌ පිළිගන්නේ විශ්වාස කරන්නේ ඒ පොතේ තියෙන කතාවයි කරුණුයි විතරයි.....

     දෙක වසරේ දහම් පාසල් පොත කියවලා අධිමානසික ගැන හරි පැරානෝර්මල් ගැන හරි පොඩි එකෙක් කියවනවනම් ඒ ඌ ෆේස්බුක් එකේ හරි යූටියුබ් එකේ හරි දැකපු එකක්... 

   ඒ කියන්නේ ඔය මල් මල් වදන් පොටෝ හදන පේජ් කාරයෙක් බුදුන්ගෙයි ජේසුගෙයි පොටෝ එකක් දාලා, ලෝකේ හොදම නායකයෝ හරි දාර්ශනිකයෝ හරි කියලා හදල තියෙන පොටෝ එකක් ශෙයා කරනවා වගේ වැඩක්. (ඔය ඒ වගේ එකෙක්ගෙන් උඹ දන්න, කියවලා තියෙන දාර්ශනිකයෝ හරි දේශකයෝ හරි නායකයෝ හරි වෙන කව්ද ඉන්නේ කියලා අහපුවාම හරියට කේන්ති අරන්, "මම ඔයා තරම් දන්නේ නෑ, ඔයානේ සියල්ල දත්" කියන්නේ ඒකයි... 😂 )

කට කතාවලින් ලෝකය දැකපු, යූටියුබ් ගොසිප් වලින් ජීවිතේ දැකපු, දෙක වසරේ දහම් පාසල් පොත විතරක්  කියවලා, කියන දෙයක් තේරුම් ගන්න කැමති නැති, හිතුවක්කාර දෙක වසරේ ළමයි හම්බෙනවා ජීවිතේ දි... ඉතින් මම තේරුම් ගත්තා, හොදම දේ ඔය දෙක වසරේ ළමයි එක්ක ගැඹුරු දේවල් කතා නොකර, කාටුන් එකක් ගැන විතරක් කතා කරන්න. 

කොහේ හරි තියෙන ඕපදූපයක් කටකතාවක් අල්ලගෙන සමාජ විද්‍යාව ගැන කතා කරන්න ඔය දෙක වසරේ ළමයෙක් ආවාම, හොදම දේ උන් කියන හැම දේටම "අනිවාරෙන්...! අනිවාර්යයෙන්...!" කියලා කට වහගෙන බලාගෙන ඉන්න....

#අකිල

No comments:

Post a Comment