Saturday, December 1, 2018

👉ධනාත්මක චින්තනය👈


            මට මානසික අභිප්‍රේරණය ගැන මාර දැනුමක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට ධෛර්යක් දෙන්න නැත්නම් හිතේ උදාසීන ගති නැති කරලා මොරාල් කරලා ගන්න සුපිරි හැකියාවක් තියෙනවා. කෙනෙකුට උපදේශනය දෙන්න මට හැකියාව ලැබෙන්න ඇත්තේ පෙර ආත්ම වල කරපු පිං හා පව් අනුව වෙන්නත් පුළුවන්. මොකද ඒ හැකියාව පිනක් වගේම පවක් වගෙත් මට දැනිලා තියෙනවා.... මොනා උනත් මාව දන්න ඕනිම කෙනෙක් ප්‍රශ්ණයක් ආව ගමන් මට කතා කරන්නේ ඒක නිසා වෙන්න ඇති.

         ඉතින් ධනාත්මක චින්තනය පාවිච්චි කරලා ලියන්නත්  මට පුළුවන් ද කියලා ටෙස්ට් කරන්න තමා මේක ලිව්වේ.. ඇත්තටම මේක ලිව්වේ බස් එකේ යන ගමන්. ඒ පාන්දර 3.15 බස් එකෙන් කොළඹ යන ගමන්. බස් යන පාරක් හම්බෙන්න මම ගෙදර ඉදලා කිලෝ මීටර් 1 ½ විතර පයින් එන්න ඕනි. කැලේනේ ඉතින්. අලි ගද, හරක් ගද, හුජ්ජ ගද වගේම සමන් පිච්ච මල් සුවදත් ගලන පාරක තමා ඉතින් එන්න තියෙන්නේ. (එදා මට පයින් යන්න උනේ ගිහින් දාන්න එන්නම් කිව්ව කාළකන්නි යාළුවා ආවේ නැති නිසා නෙවේ ඌට නින්ද ගිය නිසා කියලා තමා ඌ කිව්වේ) 😡😡

සුන්දරයි දවසම..


          උදේම නැඟිටලා ගමනක් යනකොට දවසම සුන්දර වෙන්න ස්භාවධර්මය උදව් කරනවා... විවාදයක් නෑ ඔබටත් එහෙම වෙන්න ඇති...වෙලා ඇති... ඉදිරියටත් වෙයි...  ගමනක් බිමනක් යනකොට හොඳ මොරාල් එකකින් යන්න ඕනි. මුළු ස්භාව ධර්මයම ඒකට සපෝට එකක් දෙනවා. හොදම උදාහරණය, ඒකට ගමේ ඉන්න බලු සංහතියෙන් ලැබෙන්නේ පට්ටම උපකාරයක්...🐶🐶🐶🐶🐶🐶
           උදේ පාන්දර බස් එකට පයින් එනකොට කළුවරේ ඇවිදගෙන එනකොට පාරේ ඉන්න බල්ලෝ ගෙවල්වලට යමිනුත්ගෙවල්වල ඉන්න බල්ලො පාරට එමිනුත් දාන සද්දේ නිසා ලැබෙන මොරාල් එක කියල වැඩක් නැ... උදේ පාන්දර නිදා ගන්න දෙන්නේ නෑ කියා පාරෙ උන් බනින අතර පාරේ උන් කෑගහනවා කියා ගෙවල්වල උන් කෑගසයි.(බල්ලෝ) එහෙම සද්දේ ක්‍රමයෙන් වැඩි වෙනකොටඅපේ මොරාල් එක වැඩි කර ගැනීමට ලේසිය. 🐕🐕🐕🐕🐕🐕🐕🐕

     එකක් බල්ලගේ ජාතකේ මතක් කිරීම හෝ බල්ලගේ අම්මව දූෂණය කරනවා කියලා කෑ ගසා බය ගැන්වීමය.... නැත්නම් බල්ලගේ අයිතිකාරයා දූෂණය කරනවා බව කෑ ගසා පවසා අහල පහල හැම එකාම බය කළ හැක... බල්ලන්ගේ අයිතිකාරයෝ පේන්න ඉන්නවනම් %තිගෙ(කුනුහරුපයක්) බල්ලා කියා බැන්න පසු බල්ලගේ අයිතිකාරයාගේ දවසද සුන්දර කිරීමට අපිට හැකියාවක් ඇත....(ඔබගේ දවස පමණක් නොව ඔබව දකින සියළු දෙනාගේ දවසම සුන්දර කරන්න පුරුදු වෙන්න) එසේත් නැත්නම් තෝව හදන එකාගේ කාපිය කැ% බල්ලා කියා ගලකින් ගසා බල්ලගේ අයිතිකාරයාව හැපීමට බල්ලාව පෙළඹවිය හැක... 

     නමුත් මතක තබාගත යුතු දෙයක් ඇත... එකක්නම් මේ හැම දෙයක්ම පාරේ යන ගමන් කළ යුතුය(ගමන් කරමින්),..නතර වී ගෙයක් ඉස්සරහා දස කැ$යා වීමට යාමට යනවානම් ප්‍රථමයෙන්ම ගෙදර එකා ඔබට වඩා දස කැ$යෙක් නොවන බව තහවුරු කරගත යුතුය,.. නැත්නම් ඌ හැංගිලා සිට ගලක් ගසා ඔබේ ඔළුව පළා ඔබේ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරනු ඇත...

          අනිත් කාරණයනම් සිංහල කුණුහරුප දන්න ගොඩේ බල්ලෙකුට බැනීමට සිංහල වචනත්(කුණුහරුප) ටයිල් පොළවේ ඉන්න පොෂ් බල්ලෙකුට බැනීමට, ඉංග්‍රීසි වචනත් (කුණුහරුප)  භාවිත කළ යුතුය..(වස්ස පක්/ගෝ ඇන් පස් යුවර් සෙල්ප්) නැතිනම් බල්ලත් අසරණය... අපත් අසරණය... මක් නිසාද යත් කියූ කුණුහරුපයේ තේරුම බල්ලට තේරුම් ගන්න බැරි උනොත් ඌට අසා දැනගන්න විදිහක් නැත... ඌට වැරදි වැටහීමක් ඇති උනොත් අපට සමාවක්ද නැත..

          එසේ බල්ලන්ට පාට් එක දාමා ආත්ම විශ්වාසය වැඩි කරගෙන(සෙල්ෆ් මෙව්ව එක) ගමනක් යෑම ඔබට පැමිණෙන බාධක බිද හෙලීමට හැකි බවට ස්භාවධර්මය දෙන පණිවුඩයක් බව සිහියේ තබා ගැනීමද වැදගත් වේ...

     මේ ආකාරයෙන් දවස ආරම්භ කර ක්‍රමයෙන් බස් එකේ ඉතුරු නොදෙන කොන්දා, බ්‍රේක් ගහන ඩ්‍රයිවර් උන්නැහේ, පාරේ ට්‍රැෆික්, වාගේ එකී මෙකී නොකී උන්ව අර මුලින් කී ආකාරයෙන් අපේ මොරාල් එක මෙව්වා කර ගැනීමට හා දවස සුන්දර කර ගැනීමට භාවිතා කළ හැක.... 

     බස් වල යන, පයින් යන, මං වගේ ගොඩේ උන්ට විතරයි ඈ.... පොස් උන්ට මේක අදාල කරගෙන මට බනින්න එපා..😂

(ඒ කිව්වේ කාර් එකේ යන උන් බල්ලො හොයන්න පයින් යන්න එපා😂) 


No comments:

Post a Comment