Monday, December 21, 2020

👉🍄සමාවෙයන් අක්කේ මට...🍄👈



 🍄සමාවෙයන් අක්කේ මට...🍄


හිර වෙලා තෙරපිලා ඉන්න,              👕

ඉස්කෝලේ ළමයි වැඩිපුරම ඉන්න,    👕

උදේ හතේ බස් එකක....                       👕

කොන්ඩේ තෙමිලා ඉන්න,                     👕

ශැම්පු සුවඳ පුරවගෙන ඉන්න,           👕

පොෂේ පොෂ් අක්ක ළඟ....                 👕

අසරණ වෙනවා මම,                         👕

ඊයේ ඇඳපු යුනිෆෝම් ඇඳගෙන....


🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯


සුවදයි මුළු බස් එකම,                          👖 

අක්කා හැමදාම එනකොටම....          👖

රවන්න එපා අක්කේ මට,                👖

මං ළඟ ගඳ දැනුනාට....                 👖

හඩ්ඩෙක් වගේ පෙනුනාට,          👖

නානවා හැමදාම මම පුරුද්දට....  👖

ඊයේ හෝදන්න බැරි උනාට,            👖

සමාවෙන්න ආයෙත් මට...                 👖

තියෙන්නෙ යුනිෆෝම් එකයි මට.....     👖


නිමිත්ත :- සියඹලාවෙන්, නාපු ගමන් කොන්ඩෙ තෙත පිටින් ශැම්පු සුවදින් පිරුනු  කෙල්ලෙක්...කිරිඔය බස් එකේ හිටපු පාසල් සිසුවා දිහා පිළිකුල් බැල්මක් දැමීම....


#අකිල

No comments:

Post a Comment