Monday, December 21, 2020

👉 ❌❌❌❌ නූඩ්ල්ස් ❌❌❌❌ 👈


ගොම ගැළවුන පොළොවේ
කළු ගල් තුනේ 
කැලෙන් කපාගෙන ආපු
දර ගිණි ගගහා
පිළිකාවේ කෙස් ගස් එක්ක
මගේ අම්ම උයන
සම්බෝල එක්ක බත් එක,
මට රසයි ගොඩාක්
උඹේ අම්ම 
ටයිල් අල්ලපු පොළොවේ
සෙරෙප්පු දාගෙන
ගෑස් ලිපක් උඩ, 
සිංදුත් කිය කියා
නැටුමුත් නට නටා,
හදන නූඩ්ල්ස් 
පැකට් එකට වැඩිය.........
🍝🍝🍝🍝🍝🍝🍝🍝🍝🍝

#අකිල

No comments:

Post a Comment