Friday, August 17, 2018

👉ඇල්කොහොල් ද....... ආදරය ද......👈



ඇල්කොහොල්.....
ආදරය....

          ඇල්කොහොල් හා ආදරය කියන්නේ එක වගේම දෙයක් මිත්‍රයා... දෙකෙන්ම මත් වෙනවා කියල ඔයාලා පිළිගනීවි.. ඒත් අද මේ කියන්න යන්නේ ඒක නෙවේ.... මට හිතුන සිතුවිල්ලක්.... පිස්සු සිතුවිල්ලක් වෙන්න ඇති... (අනිත්වා ව‍ගේම) 😈
      ඇල්කොහොල් කියන්නේ හොඳම වෙළද භාණ්ඩයක්. ඒ වගේමයි ආදරය කියන්නෙත්... මං කියන දේ පැහැදිලි නෑ නේද ?
මෙන්න මෙහෙමයි!!

          ඇල්කොහොල් ව්‍යාපාරිකයෝ කරන්නේ ඇල්කොහොල් වර්ග, චිත්‍රපටි වගේ මිනිස්සු මෝඩ විදිහට වැලද ගන්න දේකින් ප්‍රමෝට් කරන එක... ගාමිණී ෆොන්සේකා මහත්තයගෙ ෆිල්ම් මතක් කරල බලන්නකො... අරක්කු බීලා හැටකට විතර ගහනවා.. අරක්කු බීලා සිංදු කියනවා... අරක්කු බීලා නටනවා... හිනා වෙනවා... ගොඩාක් කතා කරනවා... 
අපේ මිනිස්සුත් ඒ දේ ඒ විදිහට ම කරනවා.... 
           ඇත්තටම එහෙම වෙනවද ? 😕ඇල්කොහොල් ඊස් DEPRESSANT කියලනම් කියන්නේ අරක්කු බීපු එකෙක් ඉන්න ඕනි මෝර්ටීන් ගහපු කැරපොත්තෙක් වගේ නේද ?😏 ඒත් වෙන්නේ අනිත් පැත්ත... කොහොමද එහෙම වෙන්නේ ?😜 එහෙම වෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප සිතුවිලි නිසා නේද ? අරක්කු බීලා පණ නැති වෙන්න ඕනි එකා, හෙන ජවයෙන් ඉන්නේ ඒ සිතුවිලි නිසයි. අන්න ඒ සිතුවිලි පරම්පරා ගානක් තිස්සේ බහු ජාතික සමාගම්, එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයන් අපිට පොවලා තියෙනවා. අරක්කු නැත්නම් මැරෙයි වගේ අපෙ ඔළු වෙනස් කරල තියෙනවා... විවිධ මාධ්‍ය ඔස්සේ අපිට එන්නත් කරල තියෙනවා. ඉතින් අරක්කු කොච්චර විසක් උනත් බීල මිනිස්සු පොරවල් වෙනවා....😎

එතකොට ආදරේ කොහොමද මේ වගේ වෙන්නේ
මෙන්න මෙහෙමයි.....

          ආදරේ කියන දේ අපි මුලින්ම දකින්නේ කොහොමද ? ආ අම්මගෙන් කියල පණ්ඩිතයෙක් කිව්වට අම්මගෙන් මුලින්ම ආදරේ දැක්ක එකෙක් ඉන්නවද ? නෑ. ආදරේ දැකලා තියෙන්නේ ෆිල්ම් වලින්.... 😅ශාරුක් ඛාන්ගේ පරණ ෆිල්ම් වල තියෙන ආදරේ මතක් කරල බලන්නකො..... ආදරේ නැත්නම් මැරෙනවා.... ආදරේ කරන කෙනාගේ නම ටැටූ ගහනවා.... ආදරේ කරන කෙනාට උපන් දිනයට තෑගි දෙනවා... වැළන්ටයින් එකට දෙනවා...ලව් එක පටන් අරන් අවුරුද්දෙන් අවුරුද්දට දෙනවා...... කෙල්ල නැති උනොත් වහ බොනවා... අරක්කු බොනවා.... ටජ්මහල් හදන්න යනවා...ඔය වගේ එකී මෙකී දේවල් කොච්චරනම් වෙනවද
           ඇත්තටම කෙල්ල හරි කොල්ල හරි, එහෙමත් නැත්නම් පෙම්වතා හරි පෙම්වතිය හරි නැති උනාම මැරෙන්න ඕනිද ? යකඩෝ මට තේරෙන්නේ නෑ එහෙම ආදරේ කරන්නේ කොහොමද කියලවත්... 😁😁
      එහෙම ආදරයක් නෑ.. ඒකත් පරම්පරා ගානක් තිස්සේ අපෙ ඔළුවලට එන්නත් කරලා, ජාන අව්ල් කරල තියෙන්නේ... අරක්කු බීලා ශක්තිය ලැබෙනවා වගේ බොරුවක් තමයි ආදරේ කියන නාම පදය ඇතුලෙත් තියෙන්නෙ.... සෙක්ස් වලට ඇළුම් කරනවා, එක්කෝ අහිංසක කමට ඇළුම් කරනවා... ඒ කියන්නේ එකිනෙකාගේ චරිත ස්භාවයන්ට අපි ආස කරනවා.... උදාහරණයක් විදිහට කිව්වොත් කෙනෙක්ගේ ඇදුම් විලාසිතාවට අපි ආස කරනවා, කෙනෙක්ගේ බොළඳ කමට ආස කරනවා.... කෙනෙක් එක්ක සංතර්පණයට අපි ආස කරනවා... ඒකට ආදරේ කියනවා... 
       උතුම් ආදරේ කියල එකක් තියෙනවද කියන්න මන් දන්නේ නෑ.... ඒත් අවුරුදු 20ක ජීවිත අත්දැකීම් එක්ක මගේ මතයනම් එහෙම දෙයක් නෑ. අපෙ ඔළු විනාශ කිරීමක් තියෙන්නෙ...😇 

ඔන්න ප්‍රශ්නයක් එතකොට ?
සාජහන් ආදරේ කරේ නැද්ද ? (ඔව් අකිල ආදරේ කියලා දෙයක් නෑ සාජහන් ටජ්මහල හැදුවෙ ආතල් එකට) 🤕

          ඇත්තටම සාජහන් ටජ්මහල හැදුවේ ආතල් එකට වෙන්න ඇති. මොකද ටජ්මහල වෙනුවෙන් මිනිස්සු බර ගානක් මරන්නේ කෑදරේ නිසා කියලයි මට හිතෙන්නේ... මගේ අම්ම තාත්තා විතරක් නෙවේ හැමෝම තම පරම්පරාව ගෙනියන්න ඕනි. පරිණාම වාදය.... හැබැයි විවාහයෙන් පස්සේ, දරුවන් ලැබුනාම ඒ දරුවන් වැඩෙනකොට හැමෝගෙම තියෙන අන්තර් පුද්ගල සම්බන්ධය ශක්තිමත් වෙනවා.... අන්න එතකොට කියන්න පුළුවන් ආදරේ කරනවා කියල..... 
          එහෙම නැතුව මේ ඇටෙන් පොත්තෙන් එළියට එන ගමන්ම ආදරේ පූජනීයයි. එයා නැත්නම් මං මැරෙනවා කියන්නේ අරක්කු වගේ තමා... ආදරේ කියල අවුරුද්දයි මැරෙන්න හදනවා අහවල් එක කෑවා වගේ.... (ආදරේ කියල දවස් 9 යි, ඒ නිසා විභාගෙට ලෑස්ති උනේ නෑ කියපු එකෙක් හම්බුනා ඊයේ....)
          මතක තියා ගන්න ආදරේ අරක්කු වගේ.... නෑ කියල මැරෙන්නේ නෑ. ඒත් නැතුව බෑ...😈

          ඒත් ඒ නරක පුරුදු නැති කර ගත්තාම හිතට දැනෙන සතුට,තෘප්තිය, බේබද්දෙක් ටයි පිස්සෙක්ටයි කවදාවත් තේරුම් ගන්න බෑ.....💪💪


No comments:

Post a Comment