Monday, December 21, 2020

👉 මරණ විකුණන එකෙක්ද ? 👈

අපි 2500ක ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ ජාතියකි. නමුත් අපිට මිනිහෙක් ගේ මරණයක් තරම් විකිණිය හැකි තවත් යමක් නැතුවා සේය... බෙල්ලෙ වැල දා ගත්ත කෙනෙක්, ඔලුවට වෙඩි තියා ගත්ත කෙනෙක්, වාහනයකට හැප්පුන කෙනෙක්, ඔය එකී මෙකී නොකී අයුරින් මැරෙන හැම කෙනෙක්වම මාතෘකාවක් කරගෙන මැරුණ කෙනාගේ චරිතය හෝ මර්ණය වූ ආකාරය කියා මළ මිනිය ඝාතනය කරන්නේ කතා කරන්නට දෙයක් නොමැති නිසාද කියා මට තේරෙන්නේ නැත... මැරුණ කෙනාගේ පොටෝ, මළමිනියේ පොටෝ, කලින් දාපු ස්ටේටස්, පෙර වැරදි, අරකයි මේකයි අර රෙද්ද යි මේ රෙද්ද යි ඔක්කොම අව්ස්ස අව්ස්ස උන් බලන්නේ ලයික් කොමෙන්ට් ගන්නද නැතිනම් ප්‍රසිද්ධිය තකාද කියා තාම පැහැදිලි නැත.... මැරුණ කෙනාට #නිවන් #සුව #ලැබේවා! මේකට ලයික් එකක් දාමා නිවන් සුව කියා කොමෙන්ට් කර ‍යාළුවන් ට බලන්න ශෙයා කරන්න කියා පෝස්ට් දාන අය නිසා ලංකාවේ මිනිස්සු අනිවාර්යයෙන් ම නිවන් සුව ලබනු ඇත...

එසේත් නැතිනම් සියදිවි නසාගන්නේ පොන්නයා, කොන්දක් නෑ, ඕකා මැරුණ එකම හොඳයි අරකයි මේකයි එකී මෙකී නොකී කෝටියක් කියමින් පෝස්ට් දමන්නේ, මැරුණ කෙනාගේ පොටො අල්ලගෙන පොටෝ ඩව්න්ලෝඩ් කරගෙන ආය ආය දමා ගන්නේ මොන ආතල් එකක්ද කියා මට තේරුම් කරන්න පුළුවන්නම් ලොකු උදව්වකි. 

මැරුණ කෙනා එක්ක සමීප සම්බන්ධයක් නැතුව හතුරු කමක්වත් නැතුව, කොටින්ම දැකලවත් හම්බෙලාවත් නැතුව මැරුණ කෙනා ගැන ලොකු ලොකු ටොක් දමන්නේ, උගේ ජීවිත කතාව ලියපු එකා ලෙසය. ඒ තරම් ලාංකිකයන් දැනුමෙන් සන්නද්ධය. මිනිහෙක් ගේ මරණය විකුණගෙන කන මිනිස්සු තුන් මාසේ දානේ එනකම්ම මේ මරණය විකුණගෙන කයි. කෙනෙක්ගේ හත් දවසත් ඉවරය. නමුත් අපේ ඈයෝ තාමත් මිනිය වලදාල නැත. ඒක උඩම නැගගෙන ඒකම කමින් සිටි. 

ඇත්තටම ඔයාලටත් මිනිහෙක්ට මඩ ගහන්න හෝ උගේ වැරදි කියන්න හෝ ෆේස්බුක් එකේ පොර වීමට හෝ අවශ්‍යද...ඌ මැරෙනකම්ද බලාගෙන ඉන්නෙ... ? නැතිනම් ෆේස්බුක් එකේ දැමීමට පෝස්ට් එකක් නැති නිසා කෙනෙක් මැරෙනකම්ද ඉන්නෙ...එහෙනම් ඔබටත් මානසික දුර්වලතාවයක ලක්ෂණ පේනවා.. පිළිගැනීමට කැමතිනම් බෙහෙත් ගන්න. නැත්නම් මට බනින්න. කෙසේ නමුත් ඔබත් මැරෙන දවසක් එනවා කියල මතක තියා ගන්න. ඔබට මොන මොන ප්‍රශ්න ඉදිරියට ඒවිද කියා ඔබට කීමට හැකිනම් ඔබ යූත් ගොට් ටැලන්ට් එකට යන්න. ඔබට හොඳ අනාගතයක් තිබීමට පුළුවන් 🔫


#අකිල



No comments:

Post a Comment