විනිසුරුවරයා බේර ගැනීමට ගිය පොලිස් නිළධාරියකු වෙඩි වැදී මියයයි...
ජීවිතය දුන්න පොලිස් නිළධාරියාට වඩා විනිසුරුවරයාගේ සංවේදී බව හැම තැනම දැක්ක මම..විවාදයක් නෑ, හදවතේ තෙතමනයක් තියෙන ඕනිම කෙනෙකුට ඒ රූප රාමු පෙළ දකිනකොට ඇඩෙනවා ශුවර්....
පොලිස් නිළධාරියා වීරයෙක් බව සෑහෙන්න කාලෙකට පස්සේ කතා වෙන අවස්ථාවක් මේක... මොකද පොලිස් නිළධාරියෙක් කියන්නේ මිනිස්සුන්ට පගා කාරයෙකි, ලොක්කන්ගේ කුණු අදින එකෙකි, තක්කඩියෙකි, වනචරයෙකි,... ඔය එකී මෙකී නොකී විවිධාකාර අයුරින් පොලිස් නිළධාරීන් ගැන මිනිස්සු අදහස් දක්වති. අදහස වැඩිපුරම ඍණාත්මකය... ඩ්‍රයිවින් සම්බන්ධ වැරදි කරන හරි කරපු හරි රියදුරුවකුගෙන් ඇසුවොත් බොහෝවිට පොලිස් නිළධාරියාට කියන නම් සීයක් කියනු නොඅනුමානය.... මොකද පොලිස් කියන රූපය මවා ඇත්තේ එලෙසින් ය...
මට හිතෙන විදිහට සුද්දාගේ කාලේ ඉදලම පොලිසිය එක්ක මිනිස්සුන්ගේ තිබෙන තරහා නිසා වගේම සුද්දාගේ කාලේ ඉදලා පොලිස් නිළධාරියා තමන්ගෙ ජොබ් එකෙන් ගත්ත අයුතු ප්‍රයෝජන නිසා එසේ වෙන්න ඇති.... පොලිස් නිළධාරින් සෑම විටම නරක නැත... පාරේ වාහන නවත්වා සල්ලි ගන්න නිළධාරීන් විතරක් මිනිස්සුන්ට මතක තිබේ, ඔවුන් ගැන පමණක් කතා කරයි. ඒ නිසා අවවාද කර සමාව දී නිදහස් කරපු ට්‍රැෆික් රාළහාමිලා ගැන කව්රුවත් අසා නැත.. ඒ ගැන කතා කරන්නේ නැත....නමුත් "අම්ම ඉස්පිරිතාලෙ කිව්වා විතරයි මිනිහා ගොනා උනා" කියන මිනිස්සු මට මුණගැසී ඇත.... හිත හොඳ නිසා නඩු දාපු නැති නිළධාරියකු උන්ට පේන්නේ නැත. උන්ට පේන්නේ තමන්ගේ බොරුවට රැවටුන මෝඩය උනා නිළධාරියා විතරය.... මම පොලිස් කාරයෙකු ගොනා කරා කියන උන් මිසක් හිත හොඳ පොලිස් කාරයින් ගැන කතා කරන උන් නැත...
පොලිස් නිළධාරියකු ට අරක්කු තහනම් නැත. අමධ්යාප සමිතියේ සභාපති ට අරක්කු කැපනම් පොලිස් නිළධාරියාට අකැප වීම සාධාරණ ද නැත.... මිනිස්සු අරක්කු බීලා මාට්ටු උන හරි වෙරි උන හරි පොලිස් කාරයින් ගැන කතා කරයි. ඒත් ජීවිතේ ට අරක්කු බීලා නැති පොලිස් නිළධාරින්ද පොලීසියේ ඉන්න බව උන් දන්නේ නැත. මම දැක ඇත... ඔවුන් ගැන කව්රුවත් කතා කරන්නේ නැත්තේ ඒ ගැන නොදන්න නිසා විය හැක...ගමේ පිරිත් ගෙවල්වල පිරිත් කියන්න යන පොලිස් නිළධාරින් ඇත....ඔව්න් පිරිත් කොටුව ඉස්සරහා සෙල්ෆියක් ගසා ෆේස්බුක් නොදමන නිසා ඔවුන්ව දන්නේ ගමේ මිනිස්සු විතරක් ය. නිදි කිරන හෝ පුටුවක නින්ද ගිය පොලිස් නිළධාරින් ගැන කතා කරන මිනිස්සුන් ඔව්න් ඒ පොලිස් නිළධාරියා කොච්චර නිදි මැරුවාද යන්න කතා කරන්නේ නැත...
පොඩි මිනිස්සුන්ට විතරයි පොලීසිය ප්‍රශ්න දාන්නේ කියන මිනිසුන් ඇසිඩ් පහරක් නිසා තුවාල උන මූණට මාස්ක් එකක් මූණට දාගෙන රාජකාරි කරන නිළධාරියෙක් ලංකාවේ ඉන්නවා කියලවත් ඒ නිළධාරියාගේ ජීවිත කතාව ගැනවත් කියන්නේ නැත..... (මට මතක විදිහට පැරශුට් කියල ඔහුට අන්වර්ථ නාමයක් ලැබිලා තියෙන්නෙත් ලැබෙන මාරු වීම් නිසා) හෙල්මට් නැතුව තමන්ගේ දුවව ඉස්කෝලේ ට ගිහින් දාන පොලිස් නිළධාරියකු ගේ ඡායාරූපයක් ගසා ෆේස්බුක් දාල සමස්ථ පොලීසියට බනින උගතුන් ඇත. නමුත් ලයිසන් නැතිව තමන්ගේ පුතාටවත් වාහනේ නොදෙන පොලිස් නිළධාරින් ගැන කව්රුවත් කතා කරන්නේ නැත.... රැළි වලට විරුද්ධ වෙන පොලිස් නිළධාරින් ගැන මිනිස්සු කතා කරන්නේ තනි තනි එකාගේ පෞද්ගලික තරහක් පිරිමහන ලෙසටය. පොලීසිය ඉහළ එකාගෙ අණ පිළිපදින බව බොහෝ උන්ට අමතකය..
රැළි වලදි පොලීස් රාළහාමිලා තුවාල ලබන්නේවත්, රැළි වලට එන පොලිස් කාරයින්ට වේදනාව දැනෙන්නේත් නැත... ආබාධිත රණවිරුවන් ට කදුළු ගෑස් ගහනකොට ඔවුන්ට උදව් කරපු පොලිස් නිළධාරින් කව්රුවත් දැක නැත... නොදැකපු එකත් හොඳය...(තව පොඩ්ඩෙන් රෝද පුටුව තල්ලු කරගෙන ගියපු නිළධාරියාට ජොබ් එකත් නැත) මැයි පළවෙනි දාට මහා කම්කරුවෝ ටිකට ආරක්ෂාවට පොලිස් නිළධාරින් පාර දෙපසය... අරක්කු බෝතලේ උස්සගෙන, "ශොට් එකක් ගහමුද රාළහාමි කියා රාළහාමි ගේ ඇගේ එල්ලෙන උන් ගැන කව්රුවත් දන්නේ නැත... රාළහාමිගේ තොප්පිය එක එකාගේ අතින් අතට යව යව ඈතට යවා කම්කරුවන්ගේ එකමුතුව පොලීසියේ රාළහාමි ට පෙන්වන විදිහ ගැන කව්රුවත් දන්නේ නැත...රාළහාමි ඒකට විරුද්ධ උනත් නැතත් කරදරය ඔහුටමය. ගැම්මට රැලියේ යන කම්කරු පංතිය එනකොට එන්නේ හොම්බෙන්ය,.. "රාළහාමි මෙහෙට යන, අරහෙට යන බස් කොහෙද තියෙන්නෙ ?" කියල පණත් නැතුව අහන්නෙත් අර තොප්පිය නැති රාළහාමිගෙන් බව කව්රුවත් දන්නේ නැත...
පොලිසියේ ක්‍රයිම් බ්‍රාන්ච් එකේ තත්ත්වය කොච්චර සුන්දරයි ද කියා සාමාන්‍ය මිනිසෙක් දන්නේ නැත. පොලිස් නිළධාරියකුගේ වචන වලින් කිව්වොත් "දත් තිස් දෙක මැද තියෙන දිව" වගේ සුන්දර ය පොලිස් රැකියාව... කොයි වෙලේ හැපෙයිද කියා කීමට බැරිය. වරෙන්තු කාරයෝ හොයන්න යන රාළහාමිගේ බයික් එකට වරෙන්තු කාරයෝ තෙල් ගහන්නේ නැත.. රජයෙන් තෙල් දෙන්නේ ද නැත. සමහර පොලීසි වලට තියෙන එකම ජීෆ් එකෙන් වැඩ කෝටියක් කළ හැක... නොහැකි උනත් කරන්න දෙයක් නැත, තම තමන්ගේ වාහන වල හෝ බස් එකේ හෝ ගොස් රාජකාරිය කළ යුතුය...
පොලිස් නිළධාරියාට නිවාඩු නැත. කතා කරපු ගමන් යන්න ඕනිය...
ඇත්තටම පොලිස් නිළධාරියාගේ කාකි ඇදුම බර වැඩිය... ඒක තේරුම් ගන්න පුළුවන් ඒ කාකි ඇදුමේ එන දාඩිය ගඳට ආදරේ කරන කෙනෙක්ට විතරයි. කරුමෙට මිනිස්සු දාඩිය ගදට කැමති නෑ...
(පගාව ගන්න පොලිස් කාරයෝ ගැන කතා කරනකොට, මට මතක් උනා සිද්ධියක්. එක පොලිස් නිළධාරියෙක් මට සල්ලි ඉතුරු කරන හැටි කියල දෙනකොට, මගේ වාචාල කට කිව්වේ "ඔය වාහන නවත්තලා ලියන්න ගත්තනම් සල්ලි ප්‍රශ්නයක් එන්නේ නෑනේ" කියාය. ඒ පොලිස් නිළධාරියා කුණුහරුපයක් කියා මට බැන මෙසේ කීය..." රුපියලක් ගන්නෙත් නෑ ලක්ශයක් ගන්නෙත් නෑ.. හු&න තැන රාජකාරි කරන්නෙත් නෑ රාජකාරි කරන තැන හු&න්නෙත් නෑ" )
ඉහත සිදුවීම සිදු වූ දිනවල ලියපු ලියවිල්ලක්...
#අකිල
No comments:
Post a Comment